BREAKING NEWS
latest

728x90

468x60

Friday, September 22, 2017

ශී‍්‍ර ලංකාවේ නැවත ගොඩනැගීම ප්‍රසංසනීයයි – එක්සත් ජනපදයේ රාජ්‍ය ලේකම්වරයා පවසයි

පශ්චාත් යුද සමය තුළ දේශපාලන, සාමාජීය සහ ආර්ථික වශයෙන් ශී‍්‍ර ලංකාවේ නැවත ගොඩනැගීම ඉතා ප‍්‍රශංසනීය බව එක්සත් ජනපදයේ දේශපාලන කටයුතු පිළිබද සහකාර රාජ්‍ය ලේකම් තෝමස් ෂැනන් මහතා පවසයි.එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 72 වන සැසිවාරය සදහා සහභාගීවීමට ඇමෙරිකාවේ නිල සංචාරයක නිරත ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා සහ එරට දේශපාලන කටයුතු පිළිබද සහකාර රාජ්‍ය ලේකම් තෝමස් ෂැනන් (Thomas Shannon) මහතා අතර හමුවක් ශී‍්‍ර ලංකා වේලාවෙන් ඊයේ (21) පස්වරුවේ නිව්යෝර්ක් නුවරදී පැවැත්වුණු අතර එහිදී සහකාර රාජ්‍ය ලේකම්වරයා මේ බව ප‍්‍රකාශ කළේය.

ශී‍්‍ර ලංකාව සහ එක්සත් ජනපදය අතර පවතින දීර්ඝකාලීන සබදතාවයන් මෙහිදී සිහිපත් කළ ජනාධිපතිතුමා එක්සත් ජනපදය ශ‍්‍රී ලංකාවට දක්වන සහය පිළිබදව ද සිය ස්තූතිය පිරිනැමීය.දශක තුනක යුද්ධයෙන් අනතුරුව රට තුළ ස්ථීරසාර සාමයක් ගොඩනැගීම සදහා ගෙනයන සංහිදියා වැඩපිළිවෙළ සාර්ථක කර ගැනීම සදහා මෙන්ම යුද්ධය පැවති ප‍්‍රදේශවල සංවර්ධන කටයුතු සදහා එක්සත් ජනපදය ලබාදෙන සහය ද මෙහිදී ජනාධිපතිතුමාගේ ඇගයීමට ලක් විය.

මෙහිදී අදහස් දැක්වූ සහකාර රාජ්‍ය ලේකම්වරයා වැඩිදුරටත් සදහන් කළේ අද ශී‍්‍ර ලංකාවේ රාජ්‍ය පාලනය තුළ ඉතා හොද විදේශ ප‍්‍රතිපත්තියක් පවතින බවයි. ඉන්දියානු කලාපයේ වැදගත් ස්ථානයක පිහිටි රටක් ලෙස ශී‍්‍ර ලංකාව කලාපීය රටවල් සමග ගෙනයන සහයෝගීතා වැඩපිළිවෙළ ද අගය කළ තෝමස් ෂැනන් මහතා සියලූ සහෝදර රාජ්‍යයන් සමග සහයෝගයෙන් කටයුතු කිරීම පිළිබද ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා මහගු ආදර්ශයක් බව ද කියා සිටියේය.

මෙහිදී අදහස් දැක්වූ ජනාධිපතිතුමා ප‍්‍රකාශ කළේ ඉන්දියානු සාගරයේ වැදගත් ස්ථානයක ශී‍්‍ර ලංකාව පිහිටීම හේතුවෙන් ඉතා යහපත් තත්ත්වයන් මෙන්ම අභියෝගවලට මුහුණුදීමට සිදුව ඇති බවයි.කලාපීය ආරක්ෂාව පිළිබදව ද ඉතා හොද සබදතාවයක් පවත්වාගෙන යමින් මධ්‍යස්ථ විදේශ ප‍්‍රතිපත්තියක් තුළ ගැටලූ ඇති නොවන ආකාරයෙන් සියලූ මිත‍්‍ර රාජ්‍යයන් සමග යහපත් ද්වි පාර්ශ්වික සබදතා පවත්වාගෙන යාමට අද ශී‍්‍ර ලංකාව සමත්ව ඇති බව ද ජනාධිපතිතුමා සදහන් කළේය.එමෙන්ම ඉන්දියානු සාගර කලාපයේ සාමය ගොඩනැගීමේ කාර්යය සදහා ද ශී‍්‍ර ලංකාව කැපව සිටින බව ජනාධිපතිතුමා ප‍්‍රකාශ කළේය.

දශක 03 කට ආසන්න කාලයක් පැවති යුද්ධයෙන් අනතුරුව ශී‍්‍ර ලංකාව ආර්ථික වශයෙන් අර්බුදකාරී තත්ත්වයකට මුහුණදී සිටින බව පැවසූ ජනාධිපතිතුමා ශී‍්‍ර ලංකාවේ සංවර්ධන කටයුතු සදහා එක්සත් ජනපදයේ සහය අඛණ්ඩව අපේක්ෂා කරන බවත් ශී‍්‍ර ලංකාවේ සංචාරක, ධීවර සහ නාවික ක්ෂේත‍්‍රවල ප‍්‍රගමනයට තවදුරටත් එක්සත් ජනපදයේ සහය අවශ්‍ය බවත් සදහන් කළේය.

එමෙන්ම ශී‍්‍ර ලංකාවේ වත්මන් දේශපාලන තත්ත්වය පිළිබදව ද අදහස් දැක්වූ ජනාධිපතිතුමා ප‍්‍රකාශ කළේ රටේ ප‍්‍රධාන දේශපාලන පක්ෂ දෙක අද සාමුහිකව කටයුතු කරමින් ගැටලූවකින් තොරව රජයේ කටයුතු ඉදිරියට පවත්වාගෙන යන බවයි.

එක්සත් රාජධානිය ශී‍්‍ර ලංකාවට ලබාදෙන සහයෝගයේ කිසිදු අඩුවක් සිදු නොකරන බව මෙහිදී ජනාධිපතිතුමා වෙත සහතික වූ සහකාර රාජ්‍ය ලේකම්වරයා ලබන නොවැම්බර් මාසයේදී පමණ තමා ශී‍්‍ර ලංකාවේ සංචාරයක නිරතවීමට අපේක්ෂා කරන බව ද සදහන් කළේය.
« PREV
NEXT »