BREAKING NEWS
latest

728x90

468x60

Wednesday, September 13, 2017

සාගල පොලීසිය අලුත් කරන්න යයි

ශ‍්‍රී ලංකා පොලීසිය සඳහා නව ප‍්‍රතිසංස්කරණ හඳුන්වාදීමට නීතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍යාංශය කටයුතු කරමින් තිබේ.


රජය මඟින් යහපාලන මූලධර්ම ක‍්‍රියාවට නැගීමේ ප‍්‍රතිපත්තිය මත ශ‍්‍රී ලංකා පොලීසිය පොදුජනයා සමඟ සමීප සම්බන්ධයක් පවත්වන, දියුණු රටවල ඇති පොලිස් සේවාවන් මෙන් උසස් ප‍්‍රමිතියෙන් යුත්, කාර්යක්ෂම හා ප‍්‍රශස්ත සේවාවක් බවට පත්කිරීම හා නූතන ප‍්‍රජාතන්ත‍්‍රවාදී සංකල්පවලට ගැළපෙන ලෙස හැඩගැස්වීම සිදුකිරීම මෙම ප‍්‍රතිසංස්කරණවල මූලික අරමුණ බව කියැවේ.


සිය අමාත්‍ය ධූරයේ රාජකාරී ආරම්භ කිරීමෙන් අනතුරුව නීතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය අමාත්‍ය සාගල රත්නායක මහතා විසින් මෙවැනි ප‍්‍රතිසංස්කරණයක් ඉතා ඉක්මනින් සිදුකිරීමේ අවශ්‍යතාවය අවධාරණය කර ඇති අතර ඔහුගේ උපදෙස් මත මෙම කටයුතු ආරම්භ කර ඇති බව අමාත්‍යාංශ ආරංචි මාර්ග සඳහන් කරයි.

දශක තුනක පමණ කාලයක් පැවැති ගැටුම් සහිත තත්වය පාලනයවීමත් සමඟ රට තුළ ඇතිවී තිබෙන යහපත් සමාජ ප‍්‍රවණතාවය සමඟ යහපාලනය, වගවීම, විනිවිධභාවය ආදී මූලිකාංග ස්ථාපිත කරමින් ශ‍්‍රී ලංකා පොලීසිය ක‍්‍රියාශීලී හා ප‍්‍රශස්ත සේවයක් බවට පත්කිරීමට නීතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍යාංශය මෙම ප‍්‍රතිසංස්කරණ මඟින් බලාපොරොත්තු වේ.

මේ සඳහා අමාත්‍යාංශයේ ලේකම්වරයාගේ ප‍්‍රධානත්වයෙන් ශ‍්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුව, ජාතික පොලිස් කොමිෂන් සභාව, ශාස්ත‍්‍රීය ප‍්‍රජාව සහ සිවිල් සමාජ සාමාජිකයින් ඇතුළත්වන ලෙස පත්කළ විශේෂ කමිටුව සකස්කළ පොලිස් ප‍්‍රතිසංස්කරණ සඳහා වන නිර්දේශ ඇතුළත් ක‍්‍රියාකාරී සැළැස්ම පසුගියදා අමාත්‍යාංශයේ ලේකම් ජගත් පී. විජේවීර මහතා විසින් අමාත්‍යවරයා වෙත බාරදී ඇත.

කමිටුව විසින් මේ සම්බන්ධ සැළසුම් සකස්කිරීමේදී ශ‍්‍රී ලංකා පොලීසියේ වර්තමාන ආයතනික ව්‍යුහය විශ්ලේෂණය, සියලූ නිලයන්ට අයත්වන ලෙස පොලිස් නිලධාරීන් 1200 ක් අයත්වන ලෙස විශේෂ සමීක්ෂණයක් සහ ලංකාවෙම ප‍්‍රජාව නියෝජනය වන ලෙස 1200 ක නියැදියක් සහභාගිකරගත් ජනමත සමීක්ෂණයක් ආදී පර්යේෂණ මඟින් ගැඹුරු අධ්‍යයනයක් සිදුකර තිබේ.

ඒ අනුව ශ‍්‍රී ලංකා පොලීසිය ප‍්‍රතිසංස්කරණයට අදාළව මූලික අංග 5 ක් හඳුනාගෙන ඇති අතර ඒ සඳහා ඉදිරිපත්කර ඇති නිර්දේශ ඉදිරියේදී ක‍්‍රියාත්මක කිරීමට යෝජිතය.

මේ මඟින් වෘත්තීයමය ප‍්‍රමිතිය ඉහළ දැමීම, විනිවිදභාවය සහ වගවීම වර්ධනය කිරීම, මානව හිමිකම්වලට ගරු කිරීම සහ තහවුරු කිරීම, අපරාධ වැළැක්වීම, පාලනය කිරීම හා අපරාධ පිළිබඳ බිය අඩු කිරීම සහ මහජන විශ්වාසය වැඩි දියුණු කළ හැකි පොලිස් සේවයක් ස්ථාපිත කිරීමට අපේක්ෂිතය.

නව ප‍්‍රතිසංස්කරණ ක‍්‍රියාවට නැඟීම තුළ වෘත්තීයමය ප‍්‍රමිතිය වර්ධනය කිරීම මඟින් ශ‍්‍රී ලංකා පොලීසියේ සේවය ගුණාත්මක ලෙස ඉහළ දැමීම, පොදුජනයා විසින් අපේක්ෂා කරන පරිදි සාධාරණ හා අපක්ෂපාතී මෙන්ම කිසිඳු ජාතියකට, ආගමකට, කුලයකට පක්ෂපාතී නොවන පොලිස් සේවයක අවශ්‍යතාව සම්පූර්ණවේ.

මානව හිමිකම්වලට ගරු කරන පොලිස් සේවයක් ලෙස ශ‍්‍රී ලංකා පොලීසිය උසස් තත්වයකට පත්කිරීම, දියුණු ක‍්‍රමවේද යොදාගනිමින් අපරාධ අවම කිරීම සඳහා පොලිස් සේවය යොමුකිරීම මෙන්ම පොලීසිය කෙරෙහි මහජන විශ්වාසය තහවුරු කිරීම මෙම ප‍්‍රතිසංස්කරණ මඟින් සිදුවෙතැයි අපේක්ෂා කෙරේ
« PREV
NEXT »