BREAKING NEWS
latest

728x90

468x60

Wednesday, September 27, 2017

පොලිස් නිල ඇඳුම හරියට මහන්න ඇමැති සාගල මැදිහත් වෙයි

ශ්‍රී ලංකා පොලිස් නිලධාරන්ගේ නිල ඇඳුම් ප්‍රමිතියෙන් සහ ගුණාත්මක භාවයෙන් යුතුව ලබාදීම සදහා මාසයක් ඇතුළත වාර්තාවක් ලබා දෙන ලෙස නීතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතා අමාත්‍යංශ ලේකම්වරයා ඇතුළු නිලධාරින්ට උපදෙස් ලබාදී ඇත.

 අමාත්‍යවරයා පවසන්නේ පොලිස්පතිවරයාගේ සිට කොස්තාපල්වරයා දක්වා සියලු නිලයන් සඳහා නිල ඇඳුම් භාවිතා කිරිමේදී ගුණාත්මකභවයෙන් ඉහළ එකම රෙදි වර්ගය ක් භාවිතා කළ යුතු බවයි. පොලිස් නිලධාරින්ගේ නිල ඇඳුම් සාම්පල් කිහිපයක් සාගල රත්නායක මහතාගේ නිරික්ෂණයට ලක් කිරිමෙන් පසු අදාල උපදෙස් ලබාදී තිබේ.

 දැනට පොලිස් කොට්ඨාස මට්ටමින් නිලධාරින්ගේ නිල ඇඳුම් මැසීම සිදු වන අතර එය පොලිස් රාජකාරියට බාධාවක් බව අමාත්‍යවරයා පෙන්වා දී අත. 

එබැවින් නිලධාරින්ගේ නිල ඇඳුම් මැසිමේ කටයුතු පොලිස් ස්ථානාධිපතිවරුන්ගේ අධීක්ෂණය යටතේ සිදු කරන ලෙස අමාත්‍යවරය එහිදී නිලධාරින්ට උපදෙස් දී තිබේ.
« PREV
NEXT »