BREAKING NEWS
latest

728x90

468x60

Monday, September 18, 2017

හරින් කර දේ හේෂා කොපි කරයි - එ.ජා.ප පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා ඉවතට

එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී රක්වාන ප්‍රධාන ආසන සංවිධායක හේශා විතානගේ ලබන මාසය තුළදී පාර්ලිමේන්තුවෙන් ඉවත් වීමට වටපිටාව සැකසෙන බවට ආරංචි මාර්ගවලින් සැළ වී ඇත

එමෙන්ම ඒ අනුව රත්නපුර දිස්ත්‍රික්කයේ මනාප ලැයිස්තුවේ 6 ස්ථානය ලබා ගෙන සිටින සිරිපාල කිරිඇල්ල පළාත් සභා මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුව දක්වා සුදුසුකම් ලබනු ඇත

හේශා විතානගේ යනු ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ ලාබාලම මන්ත්‍රී වරයකු වන අතර එතුමා ප්‍රාදේශීය සභා මැතිවරණයේදී ප්‍රාදේශීය ප්‍රාදේශිය කොට්ඨාශය තුළ වැඩිම මනාප ලබා ලබා ගනිමින් සභාපති වරයා වශයෙන් ද එලෙසම ප්‍රාදේශීය සභා නිල කාලය ඉකුත් වීමට පෙර පළාත් සභා මන්ත්‍රීවරයකු වශයෙන් තේරී පත්වී එම වකවානුව තුළ ම පාර්ලිමේන්තු මැතිවරණයට තරග කොට පාර්ලිමේන්තුව දක්වා රත්නපුර දිස්ත්‍රික්කයේ තුන්වැනි ස්ථානය පත් වූ තරුණ මන්ත්‍රිවරයෙකි.

ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා මැතිතුමා ගේ සහ පක්ෂයේ සෙසු ජේෂ්ඨයන් සහ එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ අනුශාසනා මධ්‍යයේ එළැඹෙන පළාත් සභා මැතිවරණය අරමුණු කොට ගනිමින් සබරගමු පළාත් සභාවේ මහ ඇමති අපේක්ෂකයා වශයෙන් නම් කොට ඇති අතර සමස්ත රත්නපුර දිස්ත්‍රික්කය ඓතිහාසික ලෙස එක්සත් ජාතික පක්ෂය ජය තහවුරු කර ගැනීමට ඒ මහතා එළඹෙන මාසයේ පාර්ලිමේන්තුවෙන් ඉවත් වී ඡන්ද සටනට සූදානම් වන බවට ආරංචි මාර්ග සඳහන් කරයි

එමෙන්ම රක්වාන ආසනයේ ප්‍රධාන ආසන සංවිධායකවරයා වශයෙන් එක්සත් ජාතික පක්ෂ මහ ලේකම්වරයා හේශා විතානගේ මන්ත්‍රීවරයා නැවත වරක් පත්කොට ඇති බවත් වැඩිදුරටත් සඳහන්ය.

එමෙන්ම ඉදිරිපත් පළාත් සභා මැතිවරණය අරමුණු කොට ගනිමින් එක්සත් ජාතික පක්ෂය ආසන නොමැති මන්ත්‍රීවරුන් හට ආසන ලබා දී ඡන්ද සටන දියත් කිරීමට අවශ්‍ය පසුබිම සකසා දීම එක්සත් ජාතික පක්ෂය බලාපොරොත්තු වන බවත් සඳහන්ය
« PREV
NEXT »