BREAKING NEWS
latest

728x90

468x60

Saturday, September 09, 2017

ලසන්ත ඝාතනයට පැමිණි මෝටර් බයිසිකලයෙන් ගෝටාභය මාට්ටු වෙන හැටි මෙන්න

2008 ජනවාරි අට වැනිදා කොළඹ අධිආරක්ෂිත කලාපයක් තුළදී ලසන්ත වික්‍රමතුංග මහතා මරා දමා තිබිණි. මෙම ඝාතනය පිලිබදව 2008 වසරේ සිට පරීක්ෂණ ක්‍රියාත්මක වුයේ ඉතා මන්දගාමී ලෙසය.වත්මන් රජය බලයට පත්වීමත් සමග එම පරීක්ෂණය මේ වන විට කදුනම් වී ඇත.

මෙම පරීක්ෂණයේ නවතම තත්වය අප වෙත වාර්තා විය.ලසන්ත වික්‍රමතුංග ඝාතනය කිරීමට පැමිණි ඝාතකයකින් පැමිණියේ මෝටර් බයිසිකලයකිනි.මෙම මෝටර් බයිසිකලය පිලිබදව එවකට ගල්කිස්ස පොලිසියේ අපරාධ විමර්ශන අංශය මගින් පරීක්ෂණ මෙහෙයවූවා.

ලසන්ත ඝාතනය වුයේ 2008 වසරේ ජනවාරි 8 වනදාය.එවකට එම ප්‍රෙදේශය භාර නියෝජ්‍යය පොලිස්පතිවරයා 2008 ජනවාරි මස 25 වනදා උදෑසන ගල්කිස්ස පොලිසියේ අපරාධ විමර්ශන අංශයට ඇමතුමක් ලබාදෙමින් කියා සිටියේ එම ප්‍රෙදේශයේ ඈලක මෝටර් බයිසිකලයක් දමා ගොස් ඇති බවත් ඒ පිලිබදව සොයා බලන ලෙසත්ය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් කල ප්‍රශ්න කිරීම් හමුවේ නියෝජ්‍යය පොලිස්පතිවරයා පවසා ඇත්තේ එම එම පණිවුඩය ඔහුට ලබාදුන්නේ එවකට පොලිස්පතිව සිටි වික්ටර් පෙරේරා බවය.නමුත් එලෙස මෝටර් බයිසිකලයක් එම ඈලේ ඇති බව එම ප්‍රෙදේශ භාර පොලිසි කිසිවක් ඒ වන තුරුත් දැන සතියේ නැත.නමුත් පොලිස්පතිවරයා එය දැනගත්තේ කෙසේද යන්න මේ වන විට සොයමින් පවති.එපමණක් නොව නියෝජ්‍යය පොලිස්පතිවරයා බයිසිකලයේ පාට පවා දැනුම් දුන්නේ කෙසේද යන්න මේ වන විට පරීක්ෂණ කණ්ඩායම් වල අවධානයට යොමුව ඇත.

පසුව මෙම මෝටර් බයිකලය එම ඇලෙන් ගොඩගත් ගල්කිස්ස පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන්ට එය ලසන්ත ඝාතනයට පැමිණි මෝටර් බයිසිකලය බව තහවුරු විය.ඒ ලසන්ත වික්‍රමතුංග එම මෝටර් බයිකලයේ අංකය මිය යන්නට පෙර ඝාතකයින් ඔහු පසුපස ලුහු දින විට ඔහුගේ දිනපොතේ සටහන් කර තිබු නිසාවෙනි.

පසුව මෙම මෝටර් බයිසිකලය ගැන පරීක්ෂණ ක්‍රියාත්මක කල පසු ඔවුන්ට අනාවරණය වුයේ ලසන්ත ඝාතනය කල පසු එම මොටර් බයිසිකලය වැලිකඩ බන්ධනාගාරය වෙත ගොස් ඇති බවත් වැලිකඩ බන්ධනාගාරයේ සිටි රැදවියන් දෙදෙනෙකු උපයෝගී කරගෙන මෙම ඝාතනය සිදු කර ඇති බවත්ය.

පසුව එම රැදවියන් වැලිකඩදී ගෝටාභය රාජපක්ෂ විසින් මෙහෙයවූවා යැයි චෝදනා එල්ල වී ඇති වැලිකඩ බන්ධනාගාරයේ සිදු වූ හමුදාව සහ රැදවියන් අතර ගැටුමේදී ලසන්ත ඝාතනයට පැමිණි එම රැදවියන් දෙදෙනා මියගොස් ඇත.

මෙම ඝාතනයට පැමිණි මෝටර් බයිසිකලය පිලිබදව පරීක්ෂණ පැවැත්වූ ගල්කිස්ස පොලිසියේ අපරාධ විමර්ශන අංශයට අනාවරණය වුයේ එම මෝටර් බයිසිකලය ඉරට්ටුපෙරියකුලම් සිට පැමිණ ඇති බවත්ය.ඉරට්ටු පෙරියකුලම් සිට මෙම මෝටර් බයිසිකලය පදවාගෙන ආ දෙදෙනා පිළිබදවද පොලිස් පරීක්ෂණ ක්‍රියාත්මක වූ පසු එහිදී හෙළිවී ඇත්තේ ඉරට්ටුපෙරියකුලම් සිට පැමිණි මෙම මෝටර් බයිසිකලයේ සිටි දෙදෙනා සුදු වැන් රථයක් මගින් පැහැරගෙන ගොස් ඇති බවය.


සුදු වැන් පැහැරගැනීම් පිළිබදවද ගෝටාභය රාජපක්ෂට චෝදනා එල්ල වී ඇත.


පසුව එම මෝටර් බයිසිකලය කොලබට පැමිණ ඇත්තේ හමුදා වාහනයකි.මෙලෙස හමුදාව යොදා ගැනීමටනම් එවකට හමුදාපති සරත් ෆොන්සේකා මහතා/ආරක්ෂක අමාත්‍යාංශ ලේකම් ගෝටාභය රාජපක්ෂ මහතා සහ ආරක්ෂක ඇමති මහින්ද රාජපක්ෂ සෘජුව වගකිව යුතුය.


මේ වනවිට මෙම සිදුවීම් පිලිබදව සරත් ෆොන්සේකා මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට සියලුම කරුණු ලබා දී ඇත.


මෙම සිදුවීම් පිලිබදව පරීක්ෂණ පැවැත්වූ ගල්කිස්ස පොලිසියේ අපරාධ විමර්ශන අංශය වැදගත් තොරතුරු කිහිපයක්ම අනාවරණය කරගත් අතර පරීක්ෂණ නිසි මාර්ගයේ ගමන් කරමින් පැවතුනි.නමුත් මෙම පරීක්ෂණ ක්‍රියාත්මක වෙමින් පවතින විට ඉක දිනක එවකට පොලිස්පතිවරයා ගල්කිස්ස පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති ගෙන්වා එම පරීක්ෂණයට අදාළ සියලුම කරනු ඇතුලත් පරීක්ෂණ වාර්තා පොත ලබාගෙන ඇති අතර පසුව එම පරීක්ෂණ වලින් ගල්කිස්ස පොලිසිය ඉවත් කර ඇත.

ගල්කිස්ස පොලිසියේ අපරාධ විමර්ශන අංශය විසින් සොයාගත් කරුණු පරීක්ෂණ වාර්තා පොතේ පිටු ඉරා ඇති බව අපරාධ විමර්ශන අංශය විසින් අනාවරණය කරගත්තේය.නමුත් එම වාර්තා පොතේ තිබු සියලුම පිටු වල ජායා පිටපත් මේ වන විටත් ඉතා රහසිගතව තිබෙන අතර එම පිටපත් ලසන්ත ඝාතන සිදුවීමට අදාළ නඩු දිනයකදී එලියට පැමිණෙනු ඇත.
« PREV
NEXT »