BREAKING NEWS
latest

728x90

468x60

Friday, September 15, 2017

ජනාධිපති පියකු පිළිබඳ දියණියක විසින් ලියූ පළමු පොත “ජනාධිපති තාත්තා” ජනගත කෙරේ

ශ්‍රී ලාංකේය දේශපාලන වංශ කථාවේ නව පරිච්ඡේදයක් සනිටුහන් කරමින් අතිශය සාමාන්‍ය ගොවි පවුලක උපත ලද මිනිසෙකු රටේ ජනාධිපතිවරයා බවට පත්වීමේ අසිරිමත් කතාන්දරය දියණියකගේ ඇසින් කියැවෙන “ජනාධිපති තාත්තා” ග්‍රන්ථය එළිදැක්වීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද (15) උදෑසන කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී සිදුවිය. මේ සඳහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා සහ මැති ඇමතුවරුන් රැසක්, විද්වතුන් රැසක් එක්ව සිටියහ.

සිය පියාණන් ප්‍රාදේශීය දේශපාලනඥයෙකු ලෙස දේශපාලන දිවිය අරඹා, කෙමෙන් කෙමෙන් ජනාධිපති ධූරය දක්වා ආ ගමනේදී එතුමාගේ වැඩිමහල් දියණිය වශයෙන් චතුරිකා සිරිසේනයන් ලැබූ අත්දැකීම් කැටි කොට මෙම ග්‍රන්ථය සම්පාදනය කර තිඛෙන අතර ජනාධිපති ධූරය දරණ තම පියා පිළිබඳව දියණියක විසින් රචිත ප්‍රථම චරිතාපදානය ලෙසින් මෙය ඉතිහාසයට එක්වේ

මෙහිදීමෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමන් හට ස්වකීය දේශපාලන ජීවිතයේ ආරම්භක අවධියේ සිටම නොසිතූ විරූ අභියෝගයන්ට මුහුණ දෙන්නට සිදුවූ අතර පවුලක් වශයෙන් ඔවුන් ඒවා විද දරාගත් ආකාරය පිළිබදව සාමාන්‍ය සමාජය නොදත් තොරතුරු රැසක් මෙන්ම සියනෑ කෝරලයෙන් රජරටට ජීවිතය සොයා ගිය ධෛර්යවන්ත ගොවි පරම්පරාවේ සත්‍ය ජීවන පුවත මෙලෙස සාහිත්‍ය ලෝකයට විවර කෙරේ.

විශේෂයෙන්ම සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණිය ඇතුළු දේශපාලන දැවැන්තයන්ගේ සිට යුගයෙන් යුගය සිදුවූ දේශපාලන සංසිද්ධීන් වලදී සිය පවුල වෙත ඒවායේ බලපෑම එල්ලවු ආකාරය පිළිබදව විග්‍රහයන් මෙහි ඇතුළත් වන අතර, එමෙන්ම මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා වෙත එල්ල වූ ත්‍රස්තවාදී ප්‍රහාරයන් පිළිබදව හා 2015 ජනාධිපතිවරණ සටනේ මෙතෙක් හෙළි නොකළ සත්‍ය කථාවන් රැසක් අඩංගු මෙම ග්‍රන්ථයේ විශේෂත්වය වන්නේ දේශපාලනමය මුහුණුවරකින් තොරව ඉතා රසවත් නව කථාවක ආකෘතියෙන් රචනා කොට තිබීම බවයි වාර්තා වන්නේ.


දේශපාලනයට එන්නේ නැහැ
දේශපාලනයට පැමිණීමේ අදහසක් නොමැති බව ජනාධිපති දියණිය වන චතුරිකා සිරිසේන මහත්මිය පැවසුවාය.

තමා දේශපාලනය දකින්නේ වෙනස් ස්වරූපයකින් බවත් බල අරගල හෝ පක්ෂ දේශපාලනය ඒ තුළ නොමැති බවද ඇය පැවසුවාය.

රටේ පළමුවැනි පුරවැසියාගේ දරුවො වුණ අපිට මග තොට යද්දි අපිව රැස්කරගෙන අපි වටා හිඳිමින් අපිට ලබා දෙන පිළිගැනීම් සියල්ල හෙට දිනයේ තාත්තගේ තනතුරු නැතිව යන දවසට ඒ සියල්ල නැතිවී යන බව මා හොඳින් දන්නවා. ඒ ගැන හොඳින් තේරම් ගත්ත කෙනෙකුයි මම.

ඒ වගේම මම මේවිදිහට වැඩකරද්දි බොහෝ අය මගෙන් නිතරම අහනවා චතුරිකා ඔයා දේශපාලනයට එනවද කියලා

මම ඉපදුනේ දේශපාලනය වෘත්තිය කරගත් පියකුගේ වැඩිමහල් දියණිය ලෙසයි. නමුත් මම දකින දේශපාලනය දේශපාලන ක්‍රියාවලිය පක්ෂ දේශපාලනය හෝ පාර්ලිමේන්තුවේ කරන බල අරගල දේශපාලනය හෝ නෙවෙයි. මා දකින අදහන දේශපාලනය කියන්නේ මිනිසුන්ගේ යහපත වෙනුවෙන් සිදු කරන්නා වූ සේවයයි. මට හැකි පමණින් මා මියෙනතුරා මා ස්වෙච්ඡා සේවිකාවක ලෙස සිදු කරන්නා වූ සේවය සිදු කරනවා යනවා යැයි ද වැඩිදුරටත් පවසා සිටියේය.








« PREV
NEXT »