BREAKING NEWS
latest

728x90

468x60

Saturday, September 23, 2017

මැරයින් ඩ්‍රයිව් පානදුර දක්‌වාම

ගාලුපාරට සමගාමීව මුහුදු තීරය ඔස්‌සේ දිවෙන මාර්ගය (මැරයින් ඩ්‍රයව් ) දෙහිවල සහ වැල්ලවත්තෙන් අවසන් නොකර පානදුර දක්‌වා දීර්ග කිරීමට තීරණය කර ඇති බව මහාමාර්ග හා උසස්‌ අධ්‍යාපන ඇමැති ලක්‌ෂ්මන් කිරිඇල්ල මහතා ඊයේ (22දා) පාර්ලිමේන්තුවේ සභාගත කළ ලේඛනයක දැක්‌වේ.

මේ සඳහා වන ශක්‍යතා වාර්තාව අධ්‍යයනය කරමින් සිටින බවද කොල්ලුපිටියේ සිට වැල්ලවත්ත දක්‌වා දැනට ඉදිකර ඇති මෙම මාර්ගය දෙහිවල දක්‌වා දීර්ඝ කිරීමේ කටයුතු සිදුවෙමින් පවතින බවද එම ලේඛනයේ දැක්‌වේ.

මෙම මාර්ගය දීර්ඝ කිරීමේදී ගල්කිස්‌ස ශාන්ත තෝමස්‌ විද්‍යාලයේ ක්‍රීඩාංගණයට කිසි හානියක්‌ සිදු නොවන බවද ඊට හානියක්‌ නොවන සේ නවීන තාක්‌ෂණය යටතේ මාර්ගය ඉදිවනු ඇතැයිද ඉහත ලේඛනය සභාගත කරමින් ඇමැති සභානායක ලක්‌ෂ්මන් කිරිඇල්ල මහතා ප්‍රකාශ කළේය.

කොළඹ දිස්‌ත්‍රික්‌ (එජාප) මන්ත්‍රී එස්‌. එම්. මරික්‌කාර් මහතාගේ ප්‍රශ්නයකට මෙම පිළිතුර ලැබිණි.
« PREV
NEXT »