BREAKING NEWS
latest

728x90

468x60

Saturday, September 09, 2017

මහින්ද - මෛත්‍රී - රනිල් දාපු ඩීල් එළියට

හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග සහ විදුලි සංදේශ නියාමන කොමිසමේ හිටපු සභාපති අනූෂ පැල්පිට රාජ්‍ය මුදල් අවභාවිතා කිරීමේ චෝදනාවට වරදකරුවන් කර සිරගත කිරීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සමඟ සාකච්ඡා කිරීමට ගිය ඇමැතිවරු පිරිසකට ජනාධිපතිවරයා සිය අප්‍රසාදය පළ කර ඇත.

ආණ්ඩුව නියෝජනය කරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇමැතිවරු පිරිසක් මෙසේ ජනාධිපතිවරයා මුණගැසී අදාළ නඩු තීන්දුව සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට අවශ්‍ය බව දන්වා ඇත.

එහි දී ජනාධිපතිවරයා ඍජුව පවසා ඇත්තේ දූෂිතයන් සහ දූෂිත ගනුදෙනු සම්බන්ධයෙන් අදාළ විමර්ශන යන්ත්‍රණය විධිමත්ව ඉදිරියට යනු ඇති බවත්, ඒ සම්බන්ධයෙන් කිසිවකු මැදිහත් නොවිය යුතු බවත් ය.

එසේ ම මෙහි දී ජනාධිපතිවරයා වැඩිදුරටත් අවධාරණය කර ඇත්තේ අදාළ නඩු සම්බන්ධයෙන් පමණක් තමන් සමඟ කිසිවක් කතා නොකරන ලෙස ය. අනෙක් ඕනෑම කරුණක් සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට තමන් එකඟ බව ද මෙහි දී ජනාධිපතිවරයා ශ්‍රීලනිප ඇමැතිවරුන්ට පවසා ඇතැයි ජනාධිපති කාර්යාලයේ ඉහළ පෙළේ ආරංචි මාර්ග අනාවරණය කරයි.


ලලිත්-අනූෂ තීන්දුව දවසේ මහින්ද-රනිල් හමුවක්


හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග සහ විදුලි සංදේශ නියාමන කොමිසමේ හිටපු අධ්‍යක්ෂ ජෙනරාල් අනූෂ පැල්පිට රාජ්‍ය මුදල් අවභාවිතා කිරීමට අදාළ ව වැරැදිකරුවන් කරමින් නඩු තීන්දුව ලබා දුන් දිනයේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සහ අගමැති රනිල් වික්‍රමසිංහ අතර විශේෂ සාකච්ඡාවක් පැවැත්වීම දේශපාලන ක්ෂේත්‍රයේ බරපතළ කතාබහට ලක් වී ඇත.

හිටපු ජනාධිපතිවරයාගේ මැතිවරණ ව්‍යාපාරය සඳහා මෙසේ විදුලි සංදේශ නියාමන කොමිසමේ මුදල් අවභාවිතා කර ඇති බව අධිකරණයේ දී හෙළි වී තිබිණි. එසේ තිබිය දී අදාළ තීන්දුව ලබා දුන් දවසේ හිටපු ජනාධිපතිවරයා හදිසියේ අගමැතිවරයා හමුවූයේ අදාළ තීන්දුවට සම්බන්ධ කරුණක් සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට ද, එසේත් නැත්නම් ඉදිරියේ දී විමර්ශන කඩිනම් කරන බව පවසා ඇති පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසයේ ඇති තම පවුලේ සාමාජිකයන්ගේ නඩු පිළිබඳව කතා කිරීමට ද යන්න මෙතෙක් සෘජුව හෙළි වී නැතත්. මහින්ද රාජපක්ෂ පවසන්නේ පලාත් පාලන මැතිවරනය සදහා සමෘධි සහ ගොවි  රාජ්‍ය සේවකයින්ගේ නියෝජනෙය පිළිබද සාකජ්ඡා කිරීමට හමුවූ බවයි.

කෙසේ වෙතත් අදාළ නඩු තීන්දුව සම්බන්ධයෙන් ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන උදය ගම්මන්පිල වැනි පාර්ලිමේන්තු මන්ත්‍රීවරු යම් යම් අදහස් පළ කර තිබුණද, හිටපු ජනාධිපතිවරයා මෙතෙක් ඒ සම්බන්ධයෙන් කිසිදු අදහසක් පළකර නැත. තමන්ගේ මැතිවරණ ව්‍යාපාරයට අදාළ ව සිදු කරන ලද කටයුත්තක් සම්බන්ධයෙන් මෙසේ රාජ්‍ය නිලධාරීන් දෙදෙනකු වැරැදිකරුවන් කිරීමත් සමඟ ආණ්ඩුවේ ප්‍රධානියකු මුණගැසීම පිටුපස බරපතළ කාරණයක් තිබිය හැකි බව දේශපාලන විචාරකයන්ගේ අදහසයි.

මේ අතර ඇතැම් මාධ්‍ය වාර්තා කර තිබුණේ හිටපු ජනාධිපති ලේකම්වරයාට සහ විදුලි සංදේශ නියාමන කොමිසමේ හිටපු අධ්‍යක්ෂ ජෙනරාල්වරයාට අධිකරණයෙන් නියම කර ඇති රුපියල් මිලියන 50 ක දඩ මුදල හිටපු ජනාධිපතිවරයා ගෙවනු ඇති බවයි. එහෙත් ඒ සම්බන්ධයෙන් හෝ විධිමත් ප්‍රකාශයක් හිටපු ජනාධිපතිවරයාගේ පාර්ශ්වයෙන් නිකුත් කර තිබුණේ නැත.


« PREV
NEXT »