BREAKING NEWS
latest

728x90

468x60

Wednesday, September 13, 2017

දකුණේ ක්‍රීඩා ඇමැති ධුරයෙන් ඉවතට

දකුණු පළාත් ක්‍රීඩා අමාත්‍ය වීරසුමන වීරසිංහ මහතා එම ධූරයෙන් ඉවත් කර තිබේ.

වීරසුමන වීරසිංහට අමාත්‍යවරයාට ක්‍රීඩා විෂයයට අමතරව යෞවන කටයුතු හා ග්‍රාම සංවර්ධන යන විෂයයන් ද පවරා තිබුණි.

මේ අනුව අදාළ විෂයයන් දකුණු පළාත් මහ ඇමැති ශාන් විජයලාල් ද සිල්වා ට පැවරීමට දකුණු පළාත් ආණ්ඩුකාර හේමකුමාර නානායක්කාර මහතා අද(13දා) කටයුතු කළේය.

පසුගියදා පළාත් සභාවට ඉදිරිපත් කරන ලද 20වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පතට විරුද්ධව වීරසුමන වීරසිංහ අමාත්‍යවරයා ඡන්දය භාවිතා කර තිබුණි.
« PREV
NEXT »