BREAKING NEWS
latest

728x90

468x60

Saturday, September 02, 2017

මෛත්‍රි-මහින්ද එක්කිරීමට ශ්‍රීලනිප ජ්‍යෙෂ්ඨයින් කපුකමේ

එළැඹෙන මැතිවරණවලට මුහුණ දී ජයග්‍රහණයක් ලබා ගැනීමට නම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඒකාබද්ධ විය යුතු බවට එම පක්ෂයේ ජේ‍යෂ්ඨ ඇමැතිවරු පිරිසක් පක්ෂයේ නායක ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතාත්, ඒකාබද්ධ විපක්ෂය වෙනුවෙන් පෙනී සිටින හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාත් හමුවී විශේෂ කරුණු දැක්වීමකට සූදානම් වන බව වාර්තා වේ.
නව ආදායම් බදු පනත් කෙටුම්පත සම්බන්ධයෙන් පසුගියදා පාර්ලිමේන්තුවේ අංක 5 දරන කමිටු ශාලාවේදී ශ්‍රී ල.නි.ප. නායක මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රි කණ්ඩායමේ රැස්වීමේදී, ශ්‍රීලනිප ජ්‍යෙෂ්ඨ ඇමැතිවරයකු ශ්‍රී ල.නි.ප. හා ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන ශ්‍රී ල.නි.ප. කණ්ඩායම එකතු විය යුතු බවට යෝජනා කර තිබේ.

එම මන්ත්‍රි කණ්ඩායමේ රැස්වීමට සහභාගි වූ අයකු ගෙන් මේ ගැන විමසූ විට කීවේ, එම ජ්‍යෙෂ්ඨ ඇමැතිවරයා සිය අදහස ජනාධිපතිවරයාට ඉදිරිපත් කළ අවස්ථාවේ ලබන තුන් වැනිදායින් (සැප්තැම්බර් 03) පසුව ඒ පිළිබඳව සාකච්ඡා කරමුයි ජනාධිපතිවරයා පැවැසූ බවයි.

එක් නොවුනොත් කපෝති !
මේ තත්ත්වය ගැන ශ්‍රී ල.නි.ප.යේ ජේ‍යෂ්ඨ ඇමැතිවරයකු මෙන්ම, එක්සත් ජනතා නිදහස් සන්ධානයේ හිටපු මහලේකම්වරයකු වන ඇමැති සුසිල් ප්‍රේමජයන්ත් මහතාගෙන් කළ විමසුමකට පිළිතුරු දෙමින් කීවේ සම්මුතිවාදී ආණ්ඩුවේ වසර දෙකක ගිවිසුම් කාලය අවසන් වී තිබෙන බැවින්, තවදුරටත් එම ක්‍රියා පද්ධතියේම රැඳී සිටිනවාද යන්න ගැන පසුගිය වසර දෙක තුළ සිදුවූ ක්‍රියාකාරකම් ගැන අවධානය යොමු කළ යුතු බවයි.
පසුගිය මහ මැතිවරණයේදී සියලු ප්‍රගතිශීලී පක්ෂ හා කණ්ඩායම් ගොනු කළ ආකාරයට එළැඹෙන මැතිවරණවලදී පොදු පෙරමුණකට මේ සියල්ල එකතු කර ගතහොත් නියත වශයෙන්ම ඉදිරි මැතිවරණ ජයග්‍රහණය කළ හැකි බව විශ්වාසය පළ කළ සුසිල් ප්‍රේමජයන්ත් මහතා, එසේ නොවුණහොත් දේශපාලන වශයෙන් අවිනිශ්චිත භාවයකට සියලු පාර්ශ්වයන්ට පත්විය හැකි බවට දේශපාලන අනාවැකියක් පළ කෙළේය.
(මව්බිම)
« PREV
NEXT »