BREAKING NEWS
latest

728x90

468x60

Thursday, September 14, 2017

නව බදු පනතින් ආගමික සිද්ධස්ථානවලින් බදු අය කරන් නෑ - ඒ බොරු


නව ආදායම් බදු පනත ලබන වසරේ අ‍ප්‍රේල් 01 වැනිදා සිට සම්පූර්ණ ලෙස ක්‍රියාත්මක වීමට නියමිත බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශය පවසයි.  මෙම නව පනත සම්මත වූවායින් පසුව ප්‍රේෂණ බද්ද, ප්‍රාග්ධන බද්ද, රදවා ගැනීමේ බද්ද හා උපයන විට ගෙවීමේ බද්ද 2017 ඔක්තෝම්බර් මස සිට අයකිරීමටත් අදායම් බදු 2018 අප්‍රේල් 01 සිට ක්‍රියාත්මක කිරීමටත් මුලින් තීරණය කර තිබිණි. 

මෙසේ පනත දෙයාකාරයට ක්‍රියාත්මක කිරීම හේතුවෙන් එක් මුදල් වසරක් තුළ දෙයාකාරයට ගිණුම් පවත්වා ගැනීමේ දුෂ්කරතාවයන් ඇතිවීමට ඉඩ ඇති බැවින් බදු ගෙවන්නන් හට පහසුකම් සලසනු වස් මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතාගේ උපදෙස් මත නව බදු පනතේ සියළු බදු අයකිරීම් 2018 අප්‍රේල් 01 සිට ක්‍රියාත්මක කිරීමට මහා භාණ්ඩාගාරය තීරණය කර ඇත. 
ශ්‍රී ලංකාවේ බදු ආදායමෙන් 80%ක් ම වක්‍ර බදු ලෙස මෙතෙක් ලබාගත් අතර ඍජු බදු ලෙස ලැබුණේ 20%කි. මෙයින් මෙරට සාමාන්‍ය වැටුප් ලබන ජනතාව දැඩි පීඩාවට පත්වූ අතර ඒ තත්ත්වය තේරුම් ගෙන නව බදු පනත යටතේ වක්‍ර බදු ප්‍රමාණය 60% දක්වා ද ඍජු බදු ප්‍රමාණය 40% දක්වා ද වෙනස් කිරීමට කටයුතු කෙරෙනු ඇත.

2014 වර්ෂය වන විට රාජ්‍ය බදු ආදායම දළ දේශීය නිෂ්පාදනයෙන් 10% දක්වා පහළ බැස තිබූ අතර එය මේ වනවිට 15% දක්වා වැඩි කිරීමට හැකි වී තිබෙන බව ද කියැවේ. නව බදු පනත යටතේ එය 20% දක්වා වැඩි කිරීමට හැකි වනු ඇත. මෙමඟින් මාසික ආදායම ලක්ෂයට වඩා අඩු හැම අයකුම ආදායම් බද්දෙන් නිදහස් වනු ඇත. 

මෙම නව පනත මඟින් විවිධ ක්ෂේත්‍ර අලුතෙන් බදුවලට යටත් කර ඇතැයි  ද අතැම් ක්ෂේත්‍ර සඳහා බදු වැඩිකර ඇතැයි ද විවිධ ප්‍රචාරයන් කෙරෙන බවක් නිරීක්ෂණය විය.

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට අදාළ වෘත්තීය සමිති මෙන්ම පාර්ලිමේන්තුවේ විරුද්ධ පක්ෂවලින් ලැබුණු යෝජනා ද ඇතුළත් කරමින් සාකච්ඡා හා එකඟතා හරහා මෙම පනත සම්මත කරන ලදි. 

මෙම නව පනත මඟින් පන්සල්, පල්ලි දේවාල ද ඇතුළුව ආගමික සිද්ධස්ථානවලින් බදු අය කරන බවට මුල සිටම විවිධ ප්‍රචාරයන් ගෙන යන ලදි. එමෙන් ම ශ්‍රී ලංකික ශ්‍රමිකයන් විදේශයන්හි සිට එවන මුදල් ද බදු වලට යටත් කරන බවත් ප්‍රචාරය විය.

මෙම කරුණුවල කිසිදු සත්‍යතාවයක් නැති අතර ආගමික සිද්ධස්ථාන හා විදේශ ශ්‍රමිකයන්ගේ මුදල් සඳහා මෙම නව පනත ක්‍රියාත්මක කිරීමට පෙර පැවති තත්ත්වයම තවදුරටත් පවතිනු ඇත.

ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ ඉතිරිකිරීම්වලින් ලැබෙන පොලී ආදායමට ද බදු අය කරන බවට විවිධ ප්‍රචාරයන් ගෙන යන ලදි. එහිදී ද කිසිදු සත්‍යතාවයක් නොමැති අතර ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ ඉතිරිකිරීම් මත වන පොලී ආදායම මසකට රු.125,000 දක්වා බදුවලින් නිදහස් කොට ඇත. එවන් පොලී ආදායමක් ලබන්නට නම් රුපියල් ලක්ෂ 150 ඉක්ම වූ තැන්පතුවක් තිබිය යුතු වේ.

මෙම නව බදු පනත මඟින් බදු ක්‍රමය සරල කර ඇති අතර විවිධ පුද්ගලයන්, සමාගම් හා ආයතන වෙත විවිධ මාදිලියේ බදු සහන අක්‍රමිකව ලබා දෙන ක්‍රමවේදයන් අහෝසි කර ඇති අතර සියලු ආයෝජකයන් හට තම ආයෝජනයන් සඳහා ලබා ගත හැකි බදු සහන පිළිබඳව මෙම පනත මඟින් නිශ්චිතව සඳහන් කර ඇත. එමඟින් රජය පොරොන්දු වූ  යහපාලන ක්‍රමවේදයන් රාජ්‍ය පාලනය තුළ ක්‍රියාත්මක කළ හැකි අතර බදු සහන පතා දේශපාලඥ්ඥයන් පසු පස යාමේ අවශ්‍යතාවය ද පැන නො නගියි.

උපයන විට ගෙවීමේ (PAYE) බදු සඳහා වන වාර්ෂික සීමාව රුපියල් ලක්ෂ 7 1/2 සිට රුපියල් 12 ලක්ෂය දක්වා වැඩිකර ඇති බැවින් දැනට එම බදු ගෙවමින් සිටින රැකියා නියුක්ත බොහෝ පිරිස උපයන විට බදු ගෙවීමෙන් නිදහස් වනු ඇත.

කොටස් වෙළඳ පොළ ව්‍යාපාර ප්‍රාග්ධන බද්දට යටත් වන්නේ යැයි ඇතැම් ක්ෂේත්‍ර වෙතින් මත පළ වී තිබුණි. කොටස් වෙළඳ පොළේ ලයිස්තු කර ඇති කිසිදු සමාගමක් ප්‍රාග්ධන බද්දට යටත් වන්නේ නැත. එමෙන්ම කොටස් අලෙවි කිරීමෙන් ලබන ආදායම ද ප්‍රාග්ධන බද්දෙන් නිදහස් කර ඇත. 
සේවක අර්ථ සාධක අරමුදල් ප්‍රතිලාභීන්ද නව බදු පනතෙන් බද්දට යටත් වන බව විවිධ ප්‍රචාර ගෙන ගිය ද කිසිදු අර්ථසාධක ප්‍රතිලාභියෙකු බදු ගෙවිය යුතු වන්නේ නැත.



දේශීය ආදායම් නව පනත මඟින් රෝහල් සේවා හෝ ගාස්තු සඳහා කිසිදු බද්දක් පනවා නොමැත. පෞද්ගලික රෝහල් ව්‍යාපාර ආයතනයක් ලෙස ඔවුන්ගේ ගිණුම් වසර අවසානයේ ලබන ආදායම මත ගෙවනු ලබන බද්ද පමණක් 28% දක්වා වැඩිකර ඇත. මෙය රෝහල් හා සෞඛ්‍ය සේවා ආයතනවල වාර්ෂික ලාභ මත අය කරනු ලබන බද්දක් වන බැවින් රෝගීන් වෙත සපයනු ලබන සේවාවන්හි ගාස්තු වැඩිවීමකට හේතුවන්නේ නැත.
« PREV
NEXT »