BREAKING NEWS
latest

728x90

468x60

Thursday, September 21, 2017

මරික්කාර් ජනාධිපති කොමිසමට : VIDEO


මීතොටමුල්ල කසල කන්ද නායයෑමේ සිදුවීම සම්බන්ධව වගකියන්න යුතු අපරාධකරුවන්ව ජනාධිපති කොමිසමට හොයාගන්න හැකිවේවා යි තමන් ප්‍රාර්ථනා කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්.මරික්කාර් මහතා පැවසීය.

හෙතෙම මෙම අදහස් පළකරන ලද්දේ, මීතොටමුල්ල කසල කන්ද නායයෑම සම්බන්ධව පත් කර ඇති ජනාධිපති විමර්ශන කොමිසම හමුවේ ස්වකැමැත්තෙන්ම සාක්ෂි ලබා දීමට ඉදිරිපත් වෙමින්ය.
මීතොටමුල්ල කසල කන්ද නායයෑම පිළීබද පත් කරලා තියෙන ජනාධිපති කොමිසටම මම ස්වේඡාවෙන්ව දැනුම් දීමක් කලා මාව කැදවන්න කියලා. ඒ අනුව මට සාක්ෂි ලබා දෙන්න එන්න කියලා තිබුනා. ඒ අනුව මා සතුව තිබිච්ච , මං පාර්ලිමේන්තුවේ සභාගත කරපු, රටේ නායකයින්ට, නිලධාරීන්ට සහ ආයතනවලට කරපු ආයාචන, ඉල්ලීම්, යෝජනා සහ මේ කසල කන්දේ ජාවාරම් නතර කිරීම සම්බන්ධව ලබා දුන් ලිඛිත යෝජනා මේ සම්බන්ධව වගකියන්න ඕනේ කවුද කියන එක සම්බන්ධ සියළුම දේවල් මා විසින් මේ ජනාධිපති කොමිසම හමුවේ ප්‍රකාශ කළා. ඒ විතරක් නෙමෙයි. ඒ සියළු ලිපි ලේඛනවල ඡායාපිටපත් ලබා දීලා ඔවුන්ගෙන් ඉල්ලීමක් කලේ මේ කසල කන්දේ සිදුවීම සම්බන්ධව වගකියන්න ඕනේ අපරාධකරුවන්ව මේ කොමිසමට හොයාගන්න හැකිවේවා සහ ඔවුන්ට දඩුවම් ලබා දීමට අවශ්‍ය කටයුතු මේක හරහා කරන්න ඕනේ කියන එක.මේ සිදුවීමේදී සෘජුව මෙන්ම වක්‍රව වගකියන්න ඕනේ ආයතන මොනවාද? ඒ ජනතාව මුහුණපාන ලද ගැටළු මොනවාද? මේක සම්බන්ධව මරනින්දෙන් හිටපු අය කවුද? කියලා සියළු තොරතුරු කොමිසමට ලබා දුන්නා. අවසානවශයෙන් කියන්න කැමතියි මේ සිදුවීම සම්බන්ධව යම්කිසි සාධාරණ විමර්ශනයක් මේ කොමිසමෙන් සිදු කරයි කියලා බලාපොරොත්තු වෙනවා.

« PREV
NEXT »