BREAKING NEWS
latest

728x90

468x60

Thursday, September 07, 2017

ගිණි පොලී කාරයන්ගෙන් බේරා ගැනීමට වැඩපිළිවෙළක්

රටේ අවිධිමත් ණය ලබා ගැනීමේ ක්‍රමවලින් ජනතාව ගලවාගෙන අධික පොලියකට ඔවුන් සිදු කරගෙන යන ණය ලබා ගැනීම් නැවතීමට අවශ්‍යය පියවර ගැනීමට,රාජ්‍ය බැංකු සඳහා ජනතාව සමීපකර ගැනීමට අවශ්‍යය පියවර ගන්නා ලෙසත්,එම කටයුතු පහසුකර ගැනීමට හැකි ක්‍රමවේදයක් සළසා දෙන ලෙසත් රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය කබීර් හෂීම් පෙන්වා දෙයි.

රජය දෙවර්ශ පූර්ණය සමරන අවස්ථාවේ දී,රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍යංශයට අයත් ආයතන පිළිබඳ කාර්ය සාධන දර්ශකයක් පවත්වාගෙන යමින්,මාසිකව එහි ප්‍රගතිය සමාලෝචනය කිරීමට අමාත්‍යවරයාගේ අදහසක් මත අමාත්‍යංශ ප්‍රධානීන් අවශ්‍යය පියවර ගෙන ඇති අතර,ඒ අනුව අගොස්තු මාසයට අදාළ සාකච්ඡාව පසු ගිය දින අමාත්‍ය කාර්යාල ශ්‍රවණාගරයේදී පැවති අවස්ථාවේදී අමාත්‍යවරයා මෙසේ අදහස් දැක්වීය.

තව දුරටත් රාජ්‍ය බැංකුවලින් පහසුකම් ලබා දීමේදී වැඩි අවධානයක් සුළු හා මධ්‍ය පරිමාන ව්‍යාපාරිකයන් කෙරෙහි යොමු කරන්න යැයි, එම බැංකු ප්‍රධානීන් ඉදිරියේ අදහස් දක්වමින් අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.ඒ අනුව ධීවර,සත්ව පාලනය,කෘෂිකර්මය වැනි කේෂ්ත්‍රයන් කෙරහි මූලික අවධානය යොමු කරමින්,අපනයනික නිෂ්පාදන ප්‍රවර්ධනය දිරිගැන්වීමට ප්‍රමුකත්වය ලබා දීමට කටයුතු කිරීමේ ජාතික අවශ්‍යයතාවයත් අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කළේය.

මෙවර අය – වැය යෝජනා ලෙස දින පහක් ඇතුළත සාකච්ඡා කර සැම බැංකුවකින්ම අපනයනය දිරි ගන්වන සුළු හා මධ්‍ය ව්‍යාපාරයන්හී ප්‍රවර්ධනයට අදාළ යෝජනා ලබා දීමට අවශ්‍යය පියවර ගන්නා ලෙස ද අමාත්‍යවරයා මෙහිදී බැංකු ප්‍රධානීන්ට නියෝග කළේය.

මෙහිදී ඉකුත් පාලන සමයේදී රාජ්‍ය බැංකුවල තත්ත්වය සහ වර්ථමාන තත්ත්වය සියළු අංශ කෙරෙහි වූ දත්ත සළකා බලමින් විශ්ලේෂණය කරන්නට කටයුතු කළ අමාත්‍යවරයා,ඉකුත් රජය සමයේ රාජ්‍ය බැංකු වලින් නොතකා හරින ලද ණය (බොල් ණය) ප්‍රමාණය විශාල එකක් බවත්,වර්ථමානයේදී ඒ තත්ත්වය අඩුවීමක් පෙන් වුව ද,එය තව දුරටත් අඩු කිරීමට අවශ්‍යය පියවර ගැනීමට රාජ්‍ය බැංකු කටයුතු කළ යුතු බවත් පෙන්වා දුන්නේය.පොලී අනුපාතයන් ජනතාව ගණු දෙනු කෙරහි යොමුවීමට දිරි ගන්වන සහ පොළඹවන එකක් කිරීමේ වැදගත්කමද අමාත්‍යවරයා මෙහිදී බැංකු ප්‍රධානීන්ගේ අවධානයට ලක් කළේය.

ලාභ උපයන ආයතනයක් මෙන්ම රටේ ජනතාවට සහන සළසන ආයතනයක් ලෙසද,සුහදශීලී සහ නම්‍යශීලී සේවයක් සඳහා රාජ්‍ය බැංකු යොමු කිරීම ජනතා හිතෛශී රජයක ප්‍රතිපත්තිමය අවශ්‍යයතාවය බව මෙහිදී අමාත්‍යවරයා අවධාරණය කළේය.ඇතැම් බැංකු මෙම ප්‍රතිපත්ති මත පිහිටා කටයුතු කරමින් නව ප්‍රවනතාවයන් ඔස්සේ සිය ගණුදෙනුකරුවන් වැඩි කර ගැනීමට මෙන්ම ගණුදෙනුකරුවන්ට පහසුකම් සහ ප්‍රතිලාභ ප්‍රදානයන් වැඩි කිරීමටත් කටයුතු කරමින්,බැංකුවේ ලාභය ඉහළ දමා ගැනීමට අවශ්‍යය කටයුතු කර ඇති ආකාරය මෙහිදී අමාත්‍යවරයාගේ පැසසුමට ලක් විය.

එසේම අවශ්‍යය ඉලක්ක සඳහා අවශ්‍යය ප්‍රවේශය ලබා නැති ආයතනද ජනතාවගේ අවශ්‍යයතාවයන් සළකා ඉතා ඉක්මණින් ඒ වෙනුවෙන් අවශ්‍යය වන කාර්යක්ෂමතාවය සහිතව,නව්‍යකරණය වීමේ අවශ්‍යයතාවයද මෙහිදී අමාත්‍යවරයා අවධාරණය කොට කියා සිටියේය.

මෙම සාකච්ඡාවට රාජ්‍ය බැංකු ප්‍රධානින් සමඟ රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍යංශය නියෝජනය කරමින් එහි ලේකම් රවීන්ද්‍ර හේවාවිතාරණ,අතිරේක ලේකම් ප්‍රියන්ත මායාදුන්න ප්‍රමුඛව නිලධාරී කණ්ඩායමක් සමඟ අමාත්‍යංශ උපදේශක මණ්ඩල නියෝජිතයෝ ද,එක් වී සිටියහ.
« PREV
NEXT »