BREAKING NEWS
latest

728x90

468x60

Tuesday, September 05, 2017

නව මැතිවරණ ක්‍රමයේ උපරිම ප්‍රතිඵල ලබන්න ඡන්දය පැවැත්වීමට කල් ඕනෑ

නව මැතිවරණ ක්‍රමයේ දෝෂ අවම කර උපරිම ප්‍රතිඵල ලබන ආකාරයට ක්‍රියාත්මක කිරීම සඳහා ඡන්දය පැවැත්වීමට ප්‍රමාණවත් කාලයක් ගැනීමට සිදු වූ බව අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසයි.

සියලු පාර්ශ්ව වල අදහස් ගනිමින් මැතිවරණ ක්‍රමය සකස් කිරීම නිසා එහි පවතින දෝෂ අවම වන බවත් ඒ සඳහා කාලයක් ගතවන බවත් ඇමැතිවරයා කීය. පළාත් පාලන සහ පළාත් ඡන්දවලදී මතුවිය හැකි අඩුපාඩු සංශෝධනය කරගනිමින් 2020 පාර්ලිමේන්තු මැතිවරණය සඳහා ශක්තිමත් ලෙස මුහුණදීම රජයේ අරමුණ බවද ඇමැතිවරයා පවසයි. නව ඡන්ද ක්‍රමය සඳහා සංශෝධන සම්මත වූ සැණින් ආසන වෙන් කිරීම සඳහා කමිටුව පත් කිරීමට නීති කෙටුම්පතක් සකස් කරන බවත් ආසන වෙන් කිරීමේ කමිටුව පත්කර කෙටි කාලයක් තුළ ආසන බෙදා වෙන් කළ විට ජනතාවට කැමති අයුරින් ප්‍රාදේශීය සභා පළාත් සභා සහ පාර්ලිමේන්තු මැතිවරණ කොට්ඨාසවල මන්ත්‍රීවරුන් පත් කර ගැනීමට හැකියාව ලැබෙන බවද ඇමැතිවරයා පවසයි.

පළාත් පාලන සහ පළාත් සභා ඡන්දවලින් අත්දැකීම් ලබාගෙන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් තෝරා පත්කර ගැනීම පිළිබඳ අවබෝධයක් ලබාගත හැකි බවද ඇමැතිවරයා වැඩිදුරටත් පැවසීය.
« PREV
NEXT »