BREAKING NEWS
latest

728x90

468x60

Monday, September 11, 2017

සජින්වාස් ගේ විමර්ශන වාර්තා අතුරුදන්?

ජනාධිපති කාර්යාලයේ වාහන 22ක් අවභාවිතා කිරීම සම්බන්ධයෙන් ලැබුන පැමිණිල්ලක් මත රහස් පොලිසිය විසින් සිදුකල විමර්ශනයන්හි ලිපිගොනුව නීතිපති වෙත බාරදී වසර දෙකකට වැඩි කාලයක් ගතවී ඇතත් ඒ සම්බන්ධයෙන් මෙතෙක් නඩු පැවරීමක් සිදුනොවීම ගැන අධිකරණ ඇමතිනි තලතා අතුකෝරල මහත්මියගේ අවධානය යොමුව ඇතැයි දේශපාලන ආරංචි මාර්ග පවසයි.


මෙම විමර්ශනයට අදාළ වාර්තාව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් නීතිපති දෙපාර්තමේන්තුව වෙත බාරදී ඇත්තේ 2015 මැයි මාසයේදීය.

රාජපක්ෂ පාලන සමයේ ප්‍රබලයකු වූ සජින් වාස් ගුණවර්ධන මහතා විදේශ කටයුතු අමාත්‍යාංශයේ අධීක්ෂණ මන්ත්‍රීවරයෙකු ලෙසද පත්කර සිටියේය.

කොස්මින් කන්ස්ට්‍රක්ෂන් ?

සජින්වාස් ගුණවර්ධන මහතාට අයත් කොස්මින් කන්ස්ට්‍රක්ෂන් ප්‍රයිවට් ලිමිටඩ් සමාගමට ඇපරහිතව රුපියල් මිලියන 140ක ලීසිං පහසුම් ලබාගැනීම හා 2015 ජනාධිපතිවරණයේදී රුපියල් මිලියන 250ක් මහින්ද රාජපක්ෂ මහතාගේ මැතිවරණ ප්‍රචාරක කටයතු සඳහා ලබාදීම මෙන්ම ජනාධිපති කාර්යාලයට වාහන 66ක් සහ විදේශකටයුතු අමාත්‍යාංශයට සුඛෝපභෝගී බස් රථ දෙකක් සඳහා ලීසිං පහසුකම් ලබාදීම ද මොහුට එල්ලවී ඇති ප්‍රධාන දූෂිත චෝදනා වේ.

කොස්මින් කන්ට්‍රක්ෂන් සමාගමට වාහන 33ක් සඳහා කල්බදු පහසුකම් ලබාදීමේදී එම වාරික නොගෙවා රුපියල් 121,050,000/= මුදලක් පැහැරහැරීමේ ගනුදෙනුවේදී සජින්වාස් ගුණවර්ධන මෙන්ම ජනාධිපති කාර්යමණ්ඩල ප්‍රධානී ලෙස කටයුතු කළ ගාමිණී සෙනරත් හා කේ.ඩබ්ලිව්. නිහාල් ජයවර්ධන, වසන්ත කුරේ යන පුද්ගලයින්ද වගකිවයුතු යැයි තහවුරු වී ඇත.

හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග හා ජනාධිපති ලේකම් කාර්යාලයේ ප්‍රධාන ගණකාධිකාරී ඩී. ගුණරත්න ජනාධිපති කාර්යාලයට ලබාගත් වාහන 66න් 15ක් සඳහා වෙළඳපොළ මිලය වඩා වැඩි මිලට මිලදීගෙන රුපියල් 282,750,000/= ක මුදලක් සාවද්‍යව පරිහරණය කිරීම යටතේ චෝදනා ලැබ සිටිති.

සුඛෝපභෝගී බස්රථ දෙක !

මීට අමතරව විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහා කල්බදු පහසුකම් ක්‍රියාවලියෙන් බැහැරව පීපල්ස් ලීසිං සමාගමෙන් ලංකා අශෝක් ලේලන්ට් සුඛෝපභෝගී බස්රථ දෙකක් (WPNB6767 / WPNB6768) රුපියල් 359,000,00/= කට මිලදීගෙන අයතා පරිහරණය කිරීම සම්බන්ධයෙන් හිටපු ඌව ප්‍රධාන අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ, විදේශ කටයුතු අමාත්‍යාංශයේ හිටපු ලේකම් කරුණාතිලක අමුණුගම මෙන්ම සජින්වාස් ගුණවර්ධන යන මහත්වරුන් ද වැරදිකරුවන් බව පරීක්ෂණවලින් තහවුරු වී තිබේ.

ඉහත විමර්ශනයන්ට අදාළව පැමිණිලි තුනක් පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශය මගින් විමර්ශන අවසන් කොට නීතිපති දේපාර්තමේන්තුවට යොමු කර ඇත.

කෙසේ වෙතත් විමර්ශන අවසන් කොට දීර්ඝ කාලයක් ගතවුවද මේ සම්බන්ධයෙන් කිසිදු ක්‍රියාමාර්ගයක් මේ දක්වා ගෙන නොමැත.
« PREV
NEXT »