BREAKING NEWS
latest

728x90

468x60

Tuesday, September 26, 2017

ගීතාගේ පෙත්සමට කරුණු දක්වන්න මහින්ද යාපා කළ ඉල්ලීම ඉවතට

ස්විස්ටර්ලන්ත ජාතික පුරවැසියකු වන ගීතා කුමාරසිංහ මහත්මිය මෙරට පාර්ලිමේන්තුවේ මන්ත්‍රීධුරයක් දැරීමට නුසුදුසු බවට තීරණය කරමින් දෙන ලද අභියාචනාධිකරණ තීන්දුවට එරෙහිව ඇය ගොනු කළ විශේෂ පෙත්සමට මැදිහත් වී කරුණු දැක්වීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ උප සභාපති මහින්ද යාපා අබේවර්ධන මහතා කළ ඉල්ලීමක් පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ලක් විසින් ඊයේ (25) ප්‍රතික්ෂේප කරන ලදී.

එම පෙත්සමට මැදිහත්ව කරුණු දැක්වීමට මැදිහත් පෙත්සම්කාර ඉහළ මැදගම ගමගේ පියසේන මහතාට අවසර දී ඇති නිසාත් පෙත්සම් විභාග අවස්ථාවේදී මැදිහත් පාර්ශ්ව සම්බන්ධයෙන් අවසරදීමේ හැකියාවක් නොමැති නිසාත් මෙම ඉල්ලීම ඉවත දැමීමට තීරණය විය.

ගීතා කුමාරසිංහ මහත්මිය ගොනු කළ විශේෂ අභියාචන පෙත්සම කැඳවූ අවස්ථාවේදී ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා මහින්ද යාපා අබේවර්ධන මහතා වෙනුවෙන් කළ ඉල්ලීමක් සලකා බැලූ ශ්‍රේෂ්ඨාධිකරණය මේබව සඳහන් කෙළේය.

අගවිනිසුරු ප්‍රියසාත් ඩෙප්, බුවනෙක අලුවිහාරේ, සිසිර ද ආබෲ, අනිල් ගුණරත්න, නලීන් පෙරේරා යන පංච පුද්ගල විනිසුරු මඬුල්ල හමුවෙහි මෙම පෙත්සම කැඳවන ලදී.
« PREV
NEXT »