BREAKING NEWS
latest

728x90

468x60

Tuesday, September 12, 2017

ජනපති තාත්ත වුනත් චතුරිකාගේ පොත එළියට

ශ්‍රී ලාංකේය දේශපාලන වංශ කතාවේ නව පරිච්ඡේදයක් සනිටුහන් කරමින් අතිශය සාමාන්‍ය ගොවි පවුලක උපත ලද මිනිසෙකු රටේ ජනාධිපතිවරයා බවට පත්වීමේ අසිරිමත් කතාන්දරය රැගත් “ජනාධිපති තාත්තා” ග්‍රන්ථය චතුරිකා සිරිසේනයන්ගේ රචනයක් ලෙසින් සැප්තැම්බර් 15 වැනි දා උදෑසන 7.30 ට බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ Banquet hall හිදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා වෙත පිළිගැන්වේ.

ඇය මෙම ආත්ම කථනය ඔස්සේ ගෙනහැරපෑමට උත්සාහ කොට ඇත්තේ සිය පියාණන් ප්‍රාදේශීය දේශපාලකයකුගේ සිට කෙමෙන් කෙමෙන් ජනාධිපති ධූරය දක්වා ආ ගමනේදී එතුමාගේ වැඩිමහල් දියණිය වශයෙන් ලබාගත් අත්දැකීම් රාශියකි.

මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිතුමන් හට ස්වකීය දේශපාලන ජීවිතයේ ආරම්භක අවධියේ පටන්ම නොසිතූ විරූ අභියෝගයන්ට මුහුණ දෙන්නට සිදුවූ අතර පවුලක් වශයෙන් ඔවුන් ඒවා විඳ දරා ගත් ආකාරය පිළිබඳ ලෝකයා නොදත් තොරතුරු රැසක් මෙහි අන්තර්ගත වේ.

මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිතුමන් වෙත එල්ලවූ ත්‍රස්තවාදී ප්‍රහාරයන් පිලිබඳ හා 2015 ජනාධිපතිවරණ සටනේ මෙතෙක් හෙලි නොකල සත්‍ය සිද්ධීන් රැසක් අන්තර්ගත වූ මෙම ග්‍රන්ථයේ විශේෂත්වය වන්නේ රසවත් නවකතාවක ආකෘතියෙන් රචනා කොට තිබීමයි.

මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිතුමන්ගේ පියා ඇතුළු සියනෑ කෝරළයෙන් රජරටට ජීවිතය සොයාගෙන ගිය ධෛර්යවන්ත ගොවි පරම්පරාවේ සත්‍ය ජීවන පුවත මෙලෙස සාහිත්‍ය ලෝකය වෙත තිළිණ කෙරෙන අතර. එහිදී සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණිය ඇතුළු දේශපාලන දැවැන්තයන්ගේ පටන් යුගයෙන් යුගය සිදු වූ දේශපාලන පරිවර්තනයන් වලදී සිය පවුල වෙත ඒවායේ බලපෑම එල්ල වූ ආකාරය පිළිබඳව මෙහි ඇතුලත් අතර ඒවා රසවත් ලෙස පාඨකයාට ඉදිරිපත් කිරීමට කතුවරිය උත්සාහ දරා ඇත.

මෙම ග්‍රන්ථය රචනා කළ ජනාධිපතිතුමන්ගේ වැඩිමහල් දියණිය වන චතුරිකා සිරිසේන මහත්මිය තොරතුරු තාක්ෂණය විද්‍යාවේ උපාධිධාරිනියක් වන අතර ඇය සමාජ ක්‍රියාකාරිනියක ලෙස ජනතා හිතවාදී සේවාවන් රැසක් ඉටු කරමින් සිටින්නීය. ඇය මේ වන විට පොළොන්නරුව ඇතුළු දුෂ්කර ප්‍රදේශ රැසක ජනතාවගේ ජීවන තත්ත්වය නගාසිටුවීම වෙනුවෙන් ස්වේච්ඡාවෙන් ඇප කැප වී කටයුතු කරනු ලබයි.

සරසවි ප්‍රකාශනයක් ලෙසින් එලි දැක්වෙන “ජනාධිපති තාත්තා” ග්‍රන්ථය ජනපති ධූරය දරන තම පියා පිළිබඳව දියණියක විසින් රචිත එකම චරිතාපදානය ලෙසින් ඉතිහාසයට එක් වනු ඇත.


« PREV
NEXT »