BREAKING NEWS
latest

728x90

468x60

Thursday, September 14, 2017

ගම්මන්පිලගේ බිරිඳ යතුරු පැදියක් හප්පා පලා ගිහිං – වසර තුනක් යටගැසූ අනතුර හෙළිවෙයි

කෘෂිකර්ම අමාත්‍යාංශයට අයත් මෝටර් රථයක් සිය බිරිඳගේ පෞද්ගලික පරිහරනයට ලබා දී එය අනතුරට ලක්කර පලායාමේ අපරාධයක් වසර 3 ක් තිස්සේ යට ගසා සඟවා සිටියද පෙත්සමක් නිසා එය හෙළිවීමෙන් පසු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිලගෙන් ඒ පිලිබඳ පොලිසිය ප්‍රශ්න කර තිබේ.

මෙම ප්‍රශ්න කිරීම සිදුකර ඇත්තේ පසුගිය 8 දා සවස 4.30 ට පමණ බස්නාහිර පළාත දකුණ නියෝජ්‍ය පොලිස්පති කාර්යාලයේ දී ය.

2014 වසරේ මිරිහාන පට්ටියහංදිය ප්‍රදේශයේ දී අනතුරක් සිදුවීමෙන් පසු ඒ බව පොලිසියට වාර්තා නොකර පලා යාම සහ ඇයට එරෙහිව නීතිය ක්‍රියාත්මක නොකිරීම යන චෝදනා සම්බන්ධයෙන් උදය ගම්මන්පිලගේ බිරිඳ වන දිනේෂා ශ්‍යාමලී දිල්රුක්ෂි ගම්මන්පිලට එරෙහිව පරීක්ෂණක් ආරම්භ කර ඇති බව පොලිස් මූලස්ථානය කියයි.

ගම්මන්පිල මන්ත්‍රීවරයාගෙන් ප්‍රශ්න කර ඇත්තේ අමාත්‍යාංශයෙන් තමන්ට නිකුත් කළ මෝටර් රථයක් සිය බිරිඳගේ පෞද්ගලික පරිහරනයට ලබා දීම සම්බන්ධයෙනි.

රජයේ වාහනයකින් අනතුරක් සිදුකර ඇයට එරෙහිව නිසි පරීක්ෂණයක් සිදු නොකර පරීක්ෂණ යටගැසීම සම්බන්ධයෙන් බස්නාහිර දකුණ නියෝජ්‍ය පොලිස්පතිවරයා වෙත ලැබුණ පෙත්සමක් මත මෙම පරීක්ෂණය ආරම්භ කර තිබේ.

උදය ගම්මන්පිල මහතා බස්නාහිර පළාත් සභාවේ කෘෂිකර්ම හා පරිසර අමාත්‍යවරයා වශයෙන් සිටියදී 2014.ජුනි 29 දින හෝ ඊට ආසන්න දිනක පෙරවරුවේ මෙම අපරාධය සිදුකර ඇති බව පොලිසිය කියයි.

දිනේෂා ගම්මන්පිල ඉහත කී රජයේ මෝටර් රථය ධාවනය කරමින් සිටියදී එදින පෙරවරුවේ රථය යතුරුපැදියක හැපී අනතුරට ලක්ව ඇති නමුත් අනතුර වාර්තා නොකර ඇය පලාගොස් ඇති බව උසස් පොලිස් නිලධාරියකු සඳහන් කළේය.

යතුරු පැදිකරුවන් මෝටර් රථයේ අංකය සටහන් කරගෙන කන්තාවක් මෙම රථය පදවා අනතුර සිදුකර නොනවත්වාම පලා ගිය බව පවසමින් සිද්ධිය මිරිහාන මුලස්ථාන පොලිසියට ඒ අවස්ථාවේ දී පැමිණිලි කර තිබේ.

ඒ අනුව පොලිසිය පරීක්ෂණ පවත්වා ඇති අතර රථය පදවා ඇත්තේ ගම්මන්පිල මහතාගේ බිරිඳ බවට හඳුනාගැනීමෙන් පසුව පැමිණිලිකරුට රුපියල් 15,000 ක මුදලක් ලබා ගෙන සිද්ධිය සමථයකට පත්වෙන්නැයි බල කර තිබේ.

අමාත්‍යවරයකුට නිකුත් කර ඇති රජයේ වාහනයක් ඔහුගේ බිරිඳ විසින් පැදවීම, රජයේ වාහනයකට අලාභහානි සිදුකිරීම සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක නොකිරීම සහ එම පරීක්ෂණ යටගැසුවේ කාගේ උවමනාවටද යන්න හෙළිකර ගැනීම සඳහා වත්මන් පරීක්ෂණ ආරම්භ කර තිබේ.
« PREV
NEXT »