BREAKING NEWS
latest

728x90

468x60

Thursday, September 07, 2017

ඒකාබද්ධය ඉල්ලන හැටියට සංශෝධන ගෙන ආවොත් පුංචි ඡන්දය තවත් කල්යයි අගමැති රනිල් කියයි


ඒකාබද්ධ විපක්‍ෂය ඉල්ලා සිටින ආකාරයට රජයේ සේවකයන්ට මැතිවරණයට තරග කිරීම හා තරුණ නියෝජනය පිළිබඳ සංශෝධන ගෙන ආවොත් පළාත් පාලන ඡන්දය තවදුරටත් කල් යනු ඇතැයි අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (06 දා) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.

අගමැතිවරයාගෙන් ප්‍රශ්න විමසන අවස්‌ථාවේදී ඩලස්‌ අලහප්පෙරුම මහතා ඇසූ පැනයකට පිළිතුරු දුන් අගමැතිවරයා මේ බව කියා සිටියේය. 

එම්. එල්. එම්. සල්මාන් මහතා ඇසූ ප්‍රශ්නයට පිළිතුරු දුන් අගමැතිවරයා මෙසේ කීවේයá



අද අපේ රටේ ජනගහනය මිලියන විසිතුනයි. අද අපට ඉඩම් තදබදයක්‌ තිබෙනවා. එදා රාජ්‍ය මන්ත්‍රණ සභාවට ඉඩම් ආඥ පනත ගෙන එද්දී රටේ ජනගහනය මිලියන පහයි. එක පුද්ගලයකුට අක්‌කර තුනක්‌ තිබුණා. ඒ නිසා අද විශාල ප්‍රශ්නයක්‌ ඇති වී තිබෙනවා. රටේ කෘෂිකර්මාන්තයට මුලික ලෙස ඉඩම් ඕනෑ. නිවාස හදන්න ඉඩම් ඕනෑ. කොළඹ නගරය තුළ නිවාස හදන්න ඉඩම් නැති නිසා තට්‌ටු නිවාස හදන්න සිදුව තිබෙනවා. අද එක පුද්ගලයකුට අක්‌කරයක්‌වත් නෑ. රජයටත් පාර්ලිමේන්තුවටත් හිතලා බලන්න වෙනවා ඉඩම් නැති අයට ඉඩම් ලබාදීමේ ප්‍රතිපත්තිය ගැන. නිවාස දෙනවා නම් තට්‌ටු නිවාස හැදිය යුතු ද ග්‍රාමීය ප්‍රදේශවල තට්‌ටු දෙකේ නිවාස සාදා දෙනවාද යන ප්‍රශ්නය තිබෙනවා. 

රජයට අයත් ඉඩම් අධීක්‍ෂණය කිරීම සඳහා ඉඩම් බැංකුවක්‌ ස්‌ථාපිත කිරීම ට අවශ්‍යයි. 

ඊට අවශ්‍ය මූලික කටයුතු සකස්‌ කෙරෙනවා. ඉඩම් කැබැල්ලක්‌ අහිමි සෑම කෙනකුටම ඉඩමක්‌ දෙන්නේ කොහොමද කියා අපිට සාකච්ඡා කරන්න සිදුව තිබෙනවා.

මාතර දිස්‌ත්‍රික්‌ (එජනිස) මන්aත්‍රී ඩලස්‌ අලහප්පෙරුම මහතා ඇසූ ප්‍රශ්නයට පිළිතුරු දුන් අගමැතිවරයා මෙසේ කීවේය.

සමෘද්ධි නිලධාරීන් වැනි රජයේ සේවකයන්ට ඡන්දයට ඉදිරිපත් වීමේ හැකියාව සහ තරුණ නියෝජනය සම්බන්ධව පනත් කෙටුම්පත් විවාදයේදී සාකච්ඡා කළා. දැන් ඒ පනත් කෙටුම්පත අනුමත වී කථානායකතුමාගේ සහතිකයත් ලබාදී තිබෙනවා. දිනේෂ් ගුණවර්ධන මහතාත් සංශෝධන ඉදිරිපත් කළා. බහුතරය සහාය දීලා පනත් කෙටුම්පත අනුමත කළා. යළිත්a ඒ ගැන සංශෝධන ගෙන එන්න නම් පක්‍ෂ නායක රැස්‌වීමේදී තීරණයක්‌ ගත යුතුයි. මට තනිව එය කරන්න බෑ. එහෙම සංශෝධන ආවොත් පළාත් පාලන ඡන්දය තවදුරටත් කල් යයි. 

ප්‍රසාද ආසන ගැනත් විවිධ අදහස්‌ තිබුණා. පක්‍ෂ නායකයන් අතර කේවල ක්‍රමයෙන් සියයට හැටක්‌ එන නිසා අවසාන තීරණයට ආවා. බෝනස්‌ වුවමනා නෑ කියා මෙවර ඡන්දෙන් පසුව බලමු බෝනස්‌ එකක්‌ හෝ දෙකක්‌ දෙන්න. මේ අත්හදා බැලීමක්‌. අඩුපාඩු තිබිය හැකියි. 

කථානායකතුමා අත්සන් තැබූ නිසා මේ අවුරුද්ද අවසානයේ හෝ ලබන වසර මුල් සති කීපය තුළ පළාත් පාලන ඡන්දය පැවැත්විය හැකියි. කාලය ගැන පක්‍ෂ නායකයන්ගේ අදහස්‌ ගන්නවා.
« PREV
NEXT »