BREAKING NEWS
latest

728x90

468x60

Tuesday, September 12, 2017

බන්ධනාගාර ගතවූවන්ට සුපිරි හෝටල්වලින් චීන කෑම – රංජන් ඉදිරියේ ඇමති වරද පිළිගනී

සිල් රෙදි නඩුවට වැරදි කරුවන් බවට පත්වී බන්ධනාගාරගත කර තිබෙන හිටපු ජනපති ලේකම් ලලිත් වීරතුංගට හා ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිසමේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් අනූෂ පැල්පිටට සුපිරි හෝටල්වලින් චීන කෑම ලැබෙන බව නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා චොදනා කරනවා.


අද (12දා) වැලිකඩ බන්ධනාගාරය ඉදිරිපිට පැවැති විරෝධතාවකට සහභාගී වු ඔහු මෙම චොදනාව එල්ල කළේ එම විරෝධතාව අතර තුර පැමිනි බන්ධනාගාර ප්‍රතිසංස්කරණ, පුනරුත්ථාපන,නැවත පදිංචි කිරීම සහ හින්දු ආගමික කටයුතු අමාත්‍ය ඩී.එම්.ස්වාමිනාදන් මහතාටයි

“කෝටි 60ක් හොරකම් කරපු අය නිරෝගීව උසාවියට එනවා. තීන්දුව දුන්න ගමන් ඒ අය ලෙඩ වෙනවා. මේ ලෙඩ තියෙද්දී මේ අය කොහොමද රාජ්‍ය සේවයේ හිටියේ කියලා ජනතාව අහනවා. බී.එම්.ඩබ්ලිව්. සංඝ මුදලාලිලා හොරුන්ට ආරක්ෂා කරන්න සල්ලි එකතුකරනවා. සුපිරි පැලැන්තියේ දේශපාලකයන්ට හා ගමේ අහින්සක මිනිසුන්ට සලකන්නේ දෙවිදිහකට. අද වැඩියෙන්ම හොයන්නේ ආගමික නායකයන්, දූෂිත නීතිඥයින් හා දේශපාලකයන් ” යැයි ඔහු වැඩිදුරටත් පැවැසීය.


« PREV
NEXT »