BREAKING NEWS
latest

728x90

468x60

Sunday, September 03, 2017

ඩයනා ගමගේට රන්මිනි තැන්න බාරදෙයි

රන්මිනිතැන්න ටෙලි සිනමා ගම්මානයේ නව සභාපතිනිය ලෙස ඩයනා ගමගේ මහත්මිය පත්කර තිබේ.

නිළියක්, නීතිවේදිනියක් හා එක්සත් ජාතික පක්ෂයේ පළාත් සභා අපේක්ෂිකාවක් වන ඇය ඩයනා ගමගේ පදන නමින් පදනමක්ද පවත්වාගෙන යන්නීය.

ඇය ශ්‍රියානි අමරසේන මහත්මියගේ හේමන්තයේ වසන්තයක් ටෙලියෙන් නිළියක් ලෙස කලා කේෂත්‍රයට පැමිණ පසුව ශ්‍රියානිගේම පුෂ්පරාග ටෙලියේද රඟපෑවාය. ඉන් අනතුරුව දන්දන හේවාවිතාරණගේ සිහින පවුරු හා සිරස රූපවාහිනියේ ජනප්‍රිය හාස්‍ය නාට්‍ය මාලාවක් වූ යර්ස් බොස්හි ද චරිත මැවීය.

රන්මිනිතැන්න ක්‍රියාකාරී අධ්‍යක්ෂ ලෙස නන්දසේන සෙල්ලහේවා මහතා පත්කර ඇති අතර, අධ්‍යක්ෂ මණ්ඩලයට සාමාජිකයින් ලෙස සුරේනි සෙනරත්, සුරේෂ් අබේසිංහ, රූපවාහිනියේ හා ස්වාධීන රූපවාහිනියේ සභාපතිවරු මෙන්ම නිල බලයෙන් නාවුක හමුදාවේ සමාජිකයකු හා හම්බන්තොට දිස්ත්‍රික් ලේකම්වරය ද ඇතුළත්ව සිටිති.

අදාළ පත් කිරීම මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් සිදුකර ඇත.
« PREV
NEXT »