BREAKING NEWS
latest

728x90

468x60

Tuesday, September 12, 2017

ගණේමුල්ල ගුවන් පාලම නව ගුවන් පාලම නොබෝ දිනකින් ජනතා අයිතියට

ගණේමුල්ල නඟරය ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රධාන නඟර කිහිපයක් මධ්‍යයේ පිහිටා ඇත. කඩවත, ගම්පහ, ජාඇල කඳාන වැනි ජනාකීර්ණ නඟර අතර පිහිටි ගණේමුල්ල නඟරය හරහා දිනපතා විශාල රථවාහන ප්‍රමාණයක් ගමන් ගනී. දිවයිනේ ප්‍රධානතම දුම්රිය ස්ථානයක් වන ගණේමුල්ල දුම්රිය ස්ථානය හේතුවෙන්ද නගරය තුල නිරන්තර මාර්ග තදබදයක් ඇතිවේ. මේ සියළු කරුණු සැලකිල්ලට ගනිමින් අරමුණින් 2015 අප්‍රේල් 19 වන දින ගණේමුල්ල ගුවන් පාලමේ ඉදිකිරීම් ආරම්භ වූයේ උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මැතිතුමාගේ මූලිකත්වය සහ මඟපෙන්වීම අනුවයි. මාර්ග සංවර්ධන අධිකාරියේ අධීක්ෂණය යටතේ කඩිනමින් සිදුවූ එහි ඉදිකිරීම් මේ වනවිට අවසන් අදියරේ පවතී. 


දුම්රිය ගමන් හේතුවෙන් ඇතිවන මාර්ග තදබදය අවම වීමට අමතරව ගමනාගමනයට ගතවන කාලය අවම කිරීමද මෙතුලින් බලාපොරොත්තු වේ. දුම්රිය මාර්ගය හා මහාමාර්ගය සමීපව පිහිටීම හේතුවෙන් ඇතිවන අනාරක්ෂිත බවද මේ පාලම ඉදිවීමත් සමඟ අවම වනු ඇති. එසේම තදබදය හේතුවෙන් සිදුවන වායු දූෂණයද විශාල ප්‍රමාණයකින් අඩුවීමද මෙම ගුවන් පාලම ඉදිකිරීමේ ප්‍රධානතම පරමාර්ථයක් වනවා. බියන්විල, - ගණේමුල්ල, කිරිඳිවිට - ගණේමුල්ල මාර්ග ඔස්සේ තදබදයකින් තොරව රථවාහන ධාවනය කිරීමේ අවස්ථාව ද මේ පාලම ඉදිවීමත් සමඟ හිමිවේ. 

මාර්ග සංවර්ධන අධිකාරියේ බි්‍රතාන්‍ය යකඩ පාලම් ව්‍යාපෘතිය යටතේ, ගණේමුල්ල දුම්රිය ස්ථානය ආසන්නයේ ඉදිවන මෙම ගුවන් පාලමේ දිග ප්‍රමාණය මීටර් 504කි. මීටර් 300ක පිවිසුම් මාර්ගයක් ඊට ඇතුලත්වේ. මංතීරු දෙකක් සහිතව ඉදිකෙරෙන පාලම වෙනුවෙන් වැය කෙරෙන මුදල රු.මිලි.1768.21 කි. මේ වන විට පාලමේ ඉදිකිරීම් අවසන්ව ඇති මෙම ගුවන් පාලම ද නුදුරේදීම ජනතා අයිතියට පැවරෙනු ඇත.
« PREV
NEXT »