Wednesday, September 06, 2017
Home
Gossip Lanka News
රාජ්‍ය නිලධාරීන්ට මංගලගෙන් වාහන පර්මිට්
රාජ්‍ය නිලධාරීන්ට මංගලගෙන් වාහන පර්මිට්
-
Wednesday, September 06, 2017
රාජ්‍ය සේවාවල නිලධාරීන්ට වාහන බලපත්‍රය නැවත ලබාගැනීමේ ක්‍රමවේදය නැවත ස්ථාපිත කළ බවත් සහනදායි වාහන බලපත්‍ර ක්‍රමය ප්‍රමාද වී හෝ නැවත ස්ථාපිත කරන්නට ලැබීම ගැන සතුටට පත්වන බවත් වාහන බලපත්‍ර සහන නැවත ලබාදුන්නේ යහපත් චේතනාවෙන් රටේ සුබසිද්ධිය සළකා බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා ප්‍රකාශ කරයි.
අමාත්‍යවරයා අද (6) පාර්ලිමේන්තුවේ දී මේ බව ප්‍රකාශ කළේ නිෂ්පාදන බදු (විශේෂ විධිවිධාන ) නියමන් පිළිබඳව විවාදයට එක්වෙමිනි.
සහනදායි වාහන බලපත්‍ර ලබාදීමට අදාළව රාජ්‍ය සේවකයන්ට සහ උතුරු පළාතේ මන්ත්‍රීවරුන්ට අදාළව පිරිනැමෙන සහන කීපයක් පිළිබඳව අවධානය යොමු කරන්න කැමැතියි. රාජ්‍ය සේවකයන්ට, ශ්‍රී ලංකා විදේශ සේවයේ නිලධාරීන්ට වහන බලපත්‍ර වෙනුවෙන් සුවිශේෂ ස්ථානයක් ලබදුන්නා. 2016 අයවැයට සමගාමීව ගත් තීරණයක් අනුව අහිමිකරන ලද සහනදායි වාහන බලපත්‍ර ක්‍රමය ප්‍රමාද වී හෝ නැවත ස්ථාපිත කරන්නට ලැබීම ගැන සතුටු වෙනවා.
අප රටක් ලෙස විශාල ජීවිත හා දේපළ ප්‍රමානයක් අහිමි කරගෙන වසර තිහක යුද කාලයක් පසු කළා. උතුරු පළාතේ ජනතාව ආර්ථික හා දේශපාලන පසුබෑමකට ලක් වුණා. කිසිම නියෝජයක් නැතිවෙන තරමේ දුර්වල තත්ත්වයක් ඇති වී තිබුණා. යුද්ධයෙන් පසු තත්ත්වය වෙනස් වෙලා, 2013 පසුව ක්‍රියාකාරි තත්ත්වයක් එම ප්‍රදේශයේ දක්නට ලැබුණා. එහෙත් සැළකුවේ කෙණෙහෙළිකම්වලින් කටයුතු කළේ. අපේ රජය පත් වූ පසු ස්ථාවර සාමකාමි ලෙස කටයුතු කරන්නට පටන් ගත්තා.
උතුරු පළාතට තමයි මේ රටේ වැඩි අවධානය යොමුවිය යුත්තේ. ත්‍රස්තවාදය යළි හිස ඔස නොවන්නට වග බලාගන්න ඕන. දුප්පත්කම නති කර සංවර්ධනය වැඩි කරන්න ඕන.උතුරු පළාත් සභා මන්ත්‍රීවරුන්ට යම් සහනයක් අද ලබාදෙන්න ඕන. අප රජයක් ලෙස ඔවුන්ට සහයෝගය ලබාදෙන්න ඕන. ඔවුන්ගේ ජනතා සේවය කරගෙන යාමට වහන බලපත්‍ර සහන ලබාදීමට අමාත්‍ය අනුමැතිය ලැබුණේ.
ආණ්ඩුව බාර ගන්නකොට පොරොන්දු වුණා ජනතා කේන්ද්‍රීය රාජ්‍ය සේවයක් ආරම්භ කරන්නට. ස්වාධීන රාජ්‍ය සේවයක් ඇතිකරන්න. ස්වාධීන කොමිෂන් සභා පිහිටුවන ලැබුවා. රජ්‍ය සේවාවල නිලධාරීන්ට වාහන බලපත්‍රය නැවත ලබාගැනීමේ ක්‍රමවේදය නැවත ස්ථාපිත කළා. විදේශ සේවා නිලධාරින්ට බදු සහන සහිත වාහනයක් ගෙන ඒමේ ක්‍රමයක් තිබුණා.පසුගිය වරප්‍රසාදය අහිමිවීම ගැන සළකබලන්න කියා තිබුණා. කැබිනට් මණ්ඩලය ඔවුන්ට බලපත්‍ර සහනය ලබාදෙන්න අනුමැතිය දුන්නා. රාජ්‍ය සේවකයන්ට සියයට 50% බදු සහනය 65% දක්වා වැඩි කර තිබෙනවා. වාහන බලපත්‍ර සහන නැවත ලබාදුන්නේ යහපත් චේතනාවෙන් රටේ සුබසිද්ධිය සළකලයි. අපට අවශ්‍ය හිත සතුටින් රටට සේවය කරන රාජ්‍ය නිලධාරීන් හා විදේශ නිලධාරීන්.අප මෙම සහන ලබාදෙන්නේ කාටවත් ව්‍යාපාර කරන්න නොවෙයි. ලැබෙන සහනය ප්‍රයෝජනයට ගෙන රටේ ජනතාවට සේවය කරන්නට බවද අමාත්‍යවරයා පැවසී ය.
Most Reading
-
කාන්තාවකට අයුතු අවහිරයක් සිදුකර කර සාපරාධී බලහත්කාරකමක් කිරිමට අදාළව නැගෙනහිර පළාත් ආණ්ඩුකාර රෝහිත බෝගොල්ලාගම මහතාගේ බිරිඳ සහ දියණිය වහා...
-
ysgmq fj<| weu;s fcdkaiagka m%kdkaÿf.a n;a;ruq,a," chjvk.u msysá ksjfia jeisls,s jf,ka" ckm%sh .dhsld iñ;d trkao;S uqÿkafldg...
-
ඉදිරි දින කිහිපය තුළ සුවිශේෂී වෙනස්කමක් සිදුකරන බව ජනාධිපති ම්‍රෛතීපාල සිරිසේන මහතා අද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට දැනුම් දී තිබේ. පළාත්...
-
දේශපාලනයේ අලුයට ගිනි නැංවෙමින් ඇත. පලාත් පාලන මැතිවරණ ජයග්රහණයෙන් පසු හිස උදුම්මාගත් බැසිල් රාජපක්ෂ ප්රමුඛ බැසිල්ගේ වන්දිභට්ඨයින් විසින...
-
udOHfõ§ ,ika; úl%u;=x. uy;d >d;kh ùug fmr tjlg ysgmq ckm;s uyskao rdcmlaI uy;dg ÿrl:kfhka l;d lr we;s nj Tyqf.a udOH m%ldYl frdydka je...