BREAKING NEWS
latest

728x90

468x60

Thursday, September 14, 2017

ජනපති මෛත්‍රීගේ දුව චතුරිකාගේ පොත විජේවීරගේ දුව ඊෂාට පිදෙයි

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ දියණිය චතුරිකා සිරිසේන විසින් රචනා කරන ලද `ජනාධිපති තාත්තා` කෘතියේ පිදුම, රෝහණ විජේවීර මහතාගේ දියණියක වන ඊෂා විජේවීර මහත්මිය ඇතුළු ප්‍රකට දේශපාලක දියණිවරුන් පිරිසකට පිදෙන බව වාර්තා වේ.

සැප්තැම්බර් 15 වැනිදා පෙ.ව. 7.30 ට බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී එළිදකින මෙම ග්‍රන්ථය, ශ්‍රී ලංකාවේ ප්‍රථම ජනාධිපති විලියම් ගොපල්ලව මහතාගේ දියණිය චන්ද්‍රිකා ඉරන්ගනී ගොපල්ලව, චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග, සුනේත්‍රා බණ්ඩාරනායක, දුලාංජලී ප්‍රේමදාස, චිත්‍රාංගනී විජේතුංග, යශෝදරා කුමාරණතුංග සහ ඊෂා විජේවීර යන මහත්මීන්ට පිදුම් දී ඇත.

ඒ අතරින් දැනට මෙරට සිටින සියලු දෙනාම, මෙම උත්සවයට සහභාගී වීමට නියමිතය.

ලංකාවේ නායකයකුගේ දියණියක්, සිය පියා පිළිබඳ මෙවැනි ග්‍රන්ථයක් රචනා කිරීම, මෙරට සාහිත්‍ය ඉතිහාසයේ මං සලකුණකි.

එවැනි කෘතියක පිදුම, එවැනිම දියණිවරුන් පිරිසකට පිදීම විශේෂත්වයක් වන අතර, රෝහණ විජේවීර වැනි ආන්දෝලනාත්මක විකල්ප නායකයකුගේ දියණියක ද ඒ අතර සිටීම සුවිශේෂීය.
« PREV
NEXT »