BREAKING NEWS
latest

728x90

468x60

Friday, September 22, 2017

පළාත් සභා ඡන්දය මාර්තුවේ - ඇමැති ෆයිසර්

නව මැතිවරණ ක්‍රමය යටතේ සියයට 50 ක්‌ කොට්‌ඨාස මට්‌ටමින්ද තවත් සියයට 50 ක්‌ අනුපාත මට්‌ටමින්ද මන්ත්‍රීවරුන් තෝරා පත් කර ගැනීමට නියමිත බවද ලබන මාර්තු මාසය වන විට නව ක්‍රමය යටතේ පළාත් සභා මැතිවරණය පවත්වන බව ද පළාත් සභා හා පළාත් පාලන ඇමැති ෆයිසර් මුස්‌තාපා මහතා සඳහන් කළේaය.

පළාත් සභා නව මැතිවරණ ක්‍රමය සකස්‌ කිරීම සඳහා අවශ්‍ය සීමා නිර්ණ කමිටුව ඉදිරි දින කීපයේදී ජනාධිපතිවරයා විසින් පත් කරන බව ද හෙතෙම පැවසීය.

පස්‌ දෙනකුගෙන් සමන්විත මෙම කමිටුවට සෑම ජාතියක්‌ම නියෝaජනය වන පරිදි සාමාජිකයන් පත් කරන බවද හෙතෙම කියා සිටියේය.

මෙම යෝජිත කමිටුව සිය වාර්තාව මාස 4 කින් තමාට භාරදෙන බවද අනතුරුව එම වාර්තාව අගමැතිවරයා ප්‍රමුඛ පක්‌ෂ නායක කමිටුවක්‌ මාස දෙකක්‌ අධ්‍යයනය කර ජනාධිපතිවරයාට භාරදෙන බවත් අනතුරුව ජනපතිවරයා එය ගැසට්‌ කිරීමත් පාර්ලිමේන්තුවේ සම්මත කිරීමත් සිදුවන බවත් ඊයේ (21 දා) එම අමාත්‍යාංශයේ පැවැති මාධ්‍ය හමුවකදී ඇමැතිවරයා සඳහන් කළේය.
« PREV
NEXT »