BREAKING NEWS
latest

728x90

468x60

Friday, September 22, 2017

බැඳුම්කර කොමිසමේ තක්කඩිකම් ගැන තොරතුරුත් එළියට

බැඳුම්කර ගනු දෙනු සම්බන්ධයෙන් විමසීමට පිහි‍ටුවා ඇති ජනාධිපති බැඳුම්කර කොමිසම දේශපාලන වුවමනාවක් මත පවත්වාගෙන යන මෙහෙයුමක් බවට විවෙච්න ඉදිරිපත්ව තිබෙන අතර අද දින ඒ සනාත කරන සාක්ෂියක් හසුවී තිබේ.

මහ බැංකුවේ නියොජ්‍ය අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ අද දින බැඳුම්කර කොමිසම් ශාලාව සමඟ පිහි‍ටුවා තිබෙන නීතිපති දෙපාර්තමේන්තු කාර්යාල තුල එහි නීතිඥයන් සමඟ සාකච්ඡා කරමින් සිටි බව අනාවරණය වී ඇත. මෙම බැඳුම්කර සිදුවීමේදී චෝදනා ලත් පාර්ශ්ව ලෙස මහ බැංකුවේ ඉහළ නිලධාරීන්ද නම් කර තිබෙන අතර නන්දලාල් වීරසිංහද එවැන්නකි. ඔහුට කොමිසම හමුවේ නීතිපති දෙපාර්තමේන්තු නීතිඥයන් සිදුකරන ප්‍රශ්න කිරීමවලට පිලිතුරු දෙනවා විනා ඔවුන්ගේ කාර්යාලයට ගොස් කසු කුසු ගෑමේ හැකියාවක් නැත.  නනදලාල් වීරසිංහ  හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල්ගේ සහයකයා ලෙස කටයුතු කළ අයෙකු වන අතර වත්මන් යහපාලන ආණ්ඩුව බිඳවීම වෙනුවෙන් කටයුතු කරමින් සිටින්නෙකු බවට චෝදනා ලබා ද තිබේ. 


මොහු නීතිපතියේ නීතිඥයන් සමඟ රහස් ගනු දෙනු පවත්වන බවට මීට පෙරද තොරතුරු එළිදරව් වී තිබුණද ඒ අතටම අසු වූයේ අද දිනය.  මේ අතර බැඳුම්කර ගනුදෙනුව සම්බන්ධයෙන් අද දින ප්‍රශ්න කිරීම සඳහ හිටපු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් ව කැඳවා තිබුණද නීතිපති දෙපාර්තමේන්තු නීතිඥයන් පවසා ඇත්තේ තමන් ඊට සූදානම්ව නොපැමිණි බවය.. මේ පුදුම සහගත තත්වයකි.  මෙම කොමිසම ජනාධිපතිවරයා විසින් පත් කරන්නේම අර්ජුන් මහෙන්ද්‍රන් ව ප්‍රශ්න කිරීම ඉලක්ක කරගෙනය. නීතිපති නීතිපති නීතිඥයන් සැදී පැහැදී සිටියේ ඒ වෙනුවෙන්ය. එහෙත් තමන්ට අද දින ප්‍රශ්න කරන්න්ට දෙයක් නැතැයි කීම විහිලුවක් නොවේනම් වෙන ගේමකට සූදානම් වීමකි. නන්දලාල් වීඑරසිංහ එම නීතිඥයන් හමුවීමද එවැනි කුමන්ත්‍රණකාරී මෙහෙයුමක කොටසක් ද විය හැකිය.

මාස ගනනාවක් තිස්සේ මෙම කොමිසම පවත්වාගෙන ගියද මෙතෙක් අදාල බැඳුම්කර ගනුදෙනු 2 තුල වංචාවක් සිදුව ඇති බව ඔප්පු කිරීමට තරම් නිශ්චිත සාක්ෂියක් ලැබී නැත.දේශපාලනික හෙතූන් මත විවිධ පුද්ගලයන්ට අදාල නැති චෝදනා එල්ල කිරීම මිස වෙන කිසිවක් සිදුව නොමැත.   

මේ අනුව පැහැදිලි වන්නේ වත්මන් ආණ්ඩුවේ කීර්තිනාමය විනාශ කිරීමට පුච්ගලයන් කිහිපදෙනෙකුගේ වුවමනාව සිදුවන කුමන්ත්‍රනයක් බවයි.
« PREV
NEXT »