BREAKING NEWS
latest

728x90

468x60

Saturday, September 09, 2017

රාජපක්ෂගේ නියෝග ඉටු කරන්න ගිහින් විනිසුරුවරයාට කොටු උනේ මෙහෙමයි ( නඩු වාර්තාව ඇසුරෙනි)

හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග සහ අනුෂ විදුලි සංදේශ කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් අනුෂ පැල්පිට යන දෙදෙනාට මහාධිකරණය විසින් රුපියල් මිලියන 600ක් (කෝටි 60ක්) ජනතා මුදල් අවභාවිතා කිරීම සම්බන්ධයෙන් වසර 3ක බරපතල වැඩ සහිත සිර දඩුවම්ද එක් අයෙකුට මිලියන 5 බැගින් මිලියන 10ක වන්දියක්ද ගෙවන ලෙස මහාධිකරණය තින්තු කරන ලදී.අදාළ නඩු විභාගයේ නඩු වාර්තාව අනුව මේසේ පැහැදිලි කරමි.

1.මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා සාක්ෂි විමසු අකාරය මෙසේ සදහන් වේ,

විනිසුරුවරයා- හදිස්සියේ සිල්රෙදි බෙදාදීමට ගත් තීරණයට හේතු වූ කාරණය කුමක්ද ?


ලලිත් වීරතුංග – 2600වෙනි බුද්ධ ජයන්තිය වෙනුවෙන් රජය විසින් ගන්නා ලද තීරණයක්.එය හදිස්සි කටයුත්තක් නොවන බවත්ය.

විනිසුරුවරයා – එසේනම් සැලසුම් වාර්තාව ඉදිරිපත් කරන්න .

ලලිත් වීරතුංග – සැලසුම් වාර්තාවක් මා සතුව නොමැත.

විනිසුරුවරයා – විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ සමාජ සුබසාධන අරමුදලේ ඇස්තමේන්තු මුදල කොපමණද?

අනුෂ පැල්පිට – මිලියන 100

විනිසුරුවරයා – සිල්රෙදි බෙදාදීම සදහා කොපමණ මුදලක් ඔබ ලබා දුන්නාද ?

අනුෂ පැල්පිට – මිලියන 600

විනිසුරුවරයා -මිලියන 500ක් එම අරමුදල වැඩිකරගැනීමට හේතුව කුමක්ද ?

අනුෂ පැල්පිට – ලක්ෂ 10ක් සදහා සිල්රෙදි බෙදීමට තිබු බැවින් සමස්ත වියදමට මිලියන 100ක් අවශ්‍යය නිසා.

විනිසුරුවරයා – මිලියන 600ක් දක්වා අරමුදල වැඩි කරගැනීමට අධ්‍යක්ෂ මණ්ඩලයෙන් ඔබට අනුමැතිය හිමි වුනාද ?

අනුෂ පැල්පිට – ක්ෂණික යෝජනාවක් නිසා අධ්‍යක්ෂක මණ්ඩලයේ අනුමැතිය ගැනීමට නොහැකි විය.

විනිසුරුවරයා – මිලියන 600ක් මුදලක් ජනාධිපති ලේකම් කාර්යාලයට මුදාහැරීමට අධ්‍යක්ෂ මණ්ඩලයේ අනුමැතිය ලබාගත්තාද ?

අනුෂ පැල්පිට – පෝය දිනය දවසේ බෙදීමට තිබෙන බැවින් අධ්‍යක්ෂක මණ්ඩලයේ අනුමැතිය ගැනීමට කාලය ප්‍රමාද විය.

විනිසුරුවරයා – එසේනම් මුදල් නිදහස් කරගැනීමෙන් අනතුරුවවත් අදාළ මිලියන 600ට අනුමැතිය ඔබ අධ්‍යක්ෂක මණ්ඩලයෙන් ලබාගත්තාද ?

අනුෂ පැල්පිට – කාර්යයබහුලත්වයත් සමග නොහැකි විය.

විනිසුරුවරයා – අද වනතුරුත් ඔබට එයට අනුමැතිය ලැබී තිබේද ?

අනුෂ පැල්පිට – නොමැත

උපුටා ගැනීම නඩු වාර්තාව තුලින්

2 වන දිනය

විනිසුරුවරයා – විදුලි සංදේශන නියාමන කොමිෂන් සභාවේ මිලියන 600ක් ඉල්ලු ව්‍යාපෘතිය සහ ලිපිලේඛන ඔබ සතුව තිබේද ?

ලලිත් වීරතුංග – ඊ – මේල් පණිවුඩයකින් එය ඉල්ලීම් කර තිබෙනවා (ඊ මේල් පණිවුඩය උසාවියට ඉදිරිපත් කළා )

විනිසුරුවරයා – පැල්පිට මහතාගේ ප්‍රකාශය අනුව හදිස්සියේ ගත් තීන්දුවක් බව අපට පැහැදිලියි.ක්ෂණිකව සිල් රෙදි බෙදීමට අවශ්‍යතාවය මතු වූ කාරණය කුමක්ද ? ස්භාවික ව්‍යසනයකින් උපාසක උපාසිකාවන්ගේ සිල්රෙදි විනාශ වී ඇත්ද ?

නීතිපති දෙපාර්තමේන්තුව – ඒ කාල වකවානුවේ එවැනි දෙයක් සිදු වී නොමැත.

විනිසුරුවරයා – මින් පෙර මොනයම් හෝ රජයක් සිල්රෙදි බෙදා දී තිබේද ?

නීතිපති දෙපාර්තමේන්තුව – පාසැල් නිල ඇදුම් හැරෙන්නට එවැනි දෙයක් සිදු කර නොමැත

විනිසුරුවරයා – එසේනම් සිල් රෙදි බෙදාදීමට හදිසි අවශ්‍යතාවයක් පන නැගුනේ අයි ඔබට ?

ලලිත් වීරතුංග – බුදුදහමේ පුනර්ජීවනය උදෙසා.

විනිසුරුවරයා – මින් පෙර සමාජ සුභාසාධාන් අරමුදලෙන් බුදු දහමට හෝ වෙනත් ආගමික කටයුත්කට නියමිත වය ශීර්ෂය ඉක්මවමින් අනුමැතියකින් හෝ අනුමැතියකින් තොරව මුදල් වෙන්කර තිබේද ?

අනුෂ පැල්පිට – එවැනි වියදමක් කල පළමු අවස්ථාව මෙයයි.

ලලිත් විරතුඟද එම ප්‍රශ්නයට මැදිහත් වෙයි

ලලිත් වීරතුංග – මෙවැනි සිදුවීම් මතුවෙනවානම් කිසිදු රාජ්‍යය නිලධාරියෙක් හදිසි අපදා තත්වයකදී ක්‍ෂණික තීන්දු තීරණ නොගෙන අනුමැතියන් ලැබෙන තුරු බලා සිටි.එසේ වුවහොත් ජනතාවට වන්නේ ව්‍යසනයකි.

විනිසුරුවරයා – ජනාධිපති ලේකම්වරයා ලෙස ඔබ නොදන්නේද හදිසි අපදා තත්වයන් සදහා රාජ්‍යය සේවයේ චක්‍ර ලේඛනයක් තිබෙන බවත් ඒ අනුව රාජ්‍යය නිලධාරීන්ට කටයුතු කල හැකි බවත්.ඒ අකාරයේ හදිසි සිල් රෙදි බෙදීමට රාජ්‍යය සේවයේ චක්‍ර ලේඛනයක් තිබේනම් ඉදිරිපත් කරන්න

ලලිත් වීරතුංග – එසේ චක්‍ර ලේකනයක් නොමැත.

විනිසුරුවරයා – ඔබලා පිළිගන්නවාද රාජ්‍යය සේවයේ ආයතනික නීති සංග්‍රහයන් උල්ලංඝනය කරමින් ඔබේ හෝ යම් අයෙකුගේ පෞද්ගලික වුවමනාවන් මත අයථා ලෙස මෙම මුදල් යෙදවූ බව ?

විත්තිකරුවන් – නිහඩව සිටි.

විනිසුරුවරයා – මැතිවරණයක් තිබෙන කාල සීමාවක් තුලදී පත්කිරීම් , අස්කිරීම් සහ මාරු කිරීම් මෙන්ම ජන්ද දායකයන්ට වරදාන වරප්‍රසාද ලබාදීම මැතිවරණ නීතියට අනුව වරදක් ලෙස පිළිගන්නේද ?

විත්තිකරුවන් – එය පිළිගනු ලබයි.

විනිසුරුවරයා – මැතිවරණයක් සදහා රට යෙදවී තිබෙන අවස්ථාවකදී මීලගට පතිවරණයෙන් ජය ගන්නා මොනයම් හෝ පුගලයෙන් නව ජනාධිපතිවරයා ලෙස පත්වන බැවින් ඔබේ වගකීම වනුයේ එම මොහොතේදී ජනාධිපති ලේකම් කාර්යාලයේ අනාගත ජනාධිපතිවරයා වෙනුවෙන් සියලු පරිපාලන කටයුතු විධිමත් කිරීම නොවේද ?එසේ තිබියදී සිල් රෙදි බෙදාහැරීම සදහා ඔබ කාලය කපකලේ ඇයි.?

ලලිත් වීරතුංග – ආගමික අවශ්‍යයතාවයක් නිසා.

විනිසුරුවරයා – අදාළ මුදලෙන් ලබාගත් සිල් රෙදි මැතිවරණ කාලසීමාවේ යෙදුනු පොහොය දිනයේදී එක්සත් ජනතා නිදහස් සන්ධාන අපේක්ෂක මහින්ද රාජපක්ෂ මහතාගේ ජයාරූප සහ ප්‍රතිපත්තීන් සමග අදාළ සිල් රෙදි බෙදා දී තිබෙන බව ඔබලා පිළිගන්නවාද ?

ලලිත් වීරතුංග – අදාළ ජයාරූප පළකිරීම දේශපාලකයන් විසින් සිදුකල ඇති බවත් එයට අප සම්බන්ධ නොමැත.

විනිසුරුවරයා – මැතිවරණ කාල සීමාවේදී සිල්රෙදි රෙදි ලබාදීමට ඔබලා සම්බන්ධ වූ බව පිළිගන්නවාද ?

විත්තිකරුවන් – පිළිතුරු නොමැත .

උපුටා ගැනීම නඩු වාර්තාව තුලින්

සැකයෙන් තොරව චුදිතයන් හට දඩුවම් නියම කරමින් ප්‍රකාශ කර සිටියේ විත්තිකරුවන් හට අදාළ මුදල් යොදවා ගැනීමට රාජ්‍යය යාන්ත්‍රනය තුල කිසිදු නෛතික බලයක් නොමැති බවත් එසේ තිබු බවට ඔප්පු කර ගැනීමට නොහැකි වූ බවත් ඒ කරුණු මුලික කරගෙන චුදිතයන් වැරදිකරුවන් බවත්ය.තවද පක්ෂග්‍රාහී ලෙස එක්සත් ජනතා නිදහස් සන්ධාන ජනාධිපති අපේක්ෂක මහින්ද රාජපක්ෂ මහතාට සහය ලබා දීමට රාජ්‍යය මුදල් භාවිතා කිරීමටද චුදිතයන් වැරදිකරුවන් බවට පත්වූවා.

ලලිත් වීරතුංග සහ අනුෂ පැල්පිට යන මහත්වරුන් දෙදෙනාට ගරු අධිකරණය තුලදී බේරීමට නිතිය තුල ඉඩක් ඉතිරි වී තිබුණා.එනම් නියුරන් බර්ග් නීතියට අනුවයි.එනම් දෙවන ලෝක යුධ සමයේ හිට්ලර්ගේ අණට අනුව බොහෝ විනාශකාරී කටයුතු කිරීමට රාජ්‍යය නිලධාරීන්ට සිදු වුවා.එනම් ස්වාමියාගේ අණට කීකරු වෙමිනි.එවන් අසරණ වූ නිලධාරීන්ට පාපොච්චාරණය කරමින් තමන්ට ඉහලින් අණක් ආ දරදඩු පාලකයන්ගේ අණට බිය වී යම් දෙයක් සිදු කලානම් උසාවිය හමුවේ ප්‍රකාශ කරමින් අදාළ නිලධාරින් දෙදෙනාට නීතියෙන් සහනයක් ලබාගැනීමට හැකිව තිබුනා
« PREV
NEXT »