BREAKING NEWS
latest

728x90

468x60

Sunday, September 24, 2017

ලසන්ත ඝාතනය ට්‍රිපෝලි කඳවුරෙන්

සන්ඩේ ලීඩර් පුවත්පතේ සමාරම්භක කර්තෘ ලසන්ත වික්‍රමතුංග මහතා ඝාතනය කර ඇත්තේ යුද හමුදා බුද්ධි අංශයට අයත් කොළඹ මරදානේ ට්‍රිපෝලි කඳවුරේ ඝාතක කණ්ඩායමක් විසින් බව අනාවරණය වී ඇතැයි වාර්තා වේ.

මෙම ඝාතනයට අණ ලබාදීම සම්බන්ධයෙන් රාජ්‍ය බුද්ධි සේවයේ ඉහළ නිලයක කටයුතු කළ අයෙකු සැක කටයුතු බව මෙන්ම මෙම ඝාතනය එවක ආරක්ෂක අමාත්‍යාංශ ඉහළ නිලධාරීයෙකුගේ අනුදැනුම මත සිදුවූ බවටද සාධාරණ සැකයක් ඔස්සේ දැනට පරීක්ෂණ ක්‍රියාත්මක වන බවද දැනගන්නට ඇත.

ඝාතනය ගැන මේ වනවිට යුද හමුදා සාමාජිකයන් ඇතුළු විශාල පිරිසකගෙන් ප්‍රකාශ සටහන් කරගෙන ඇති බව දැනගන්නට ඇති අතර මෙම ඝාතන පිළිබඳව බොහෝ විස්තර දන්නා හමුදා නිලධාරියෙකු වර්තමානයේදී යුද හමුදාවේ ඉහළ නිලයකට පත්වී ඇති බවද රාවය පුවත් පත වාර්තා කරයි.

මෙම ඝාතනය පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ලසන්ත වික්‍රමතුංග මහතාගේ දියණියගෙන් ප්‍රකාශයක් ලබාගෙන ඇති බවද වාර්තා වේ.

එහිදී ඇය ලසන්ත වික්‍රමතුංග මරා දැමීමට ප්‍රථම තමන්ට පැවසූ දෙයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් හමුවේ පවසා තිබේ.

තමන් ඝානය විය හැකි බවද එසේ ඝාතනය වී නම් එයට හේතුව මිග් යානා ගනුදෙනුව හෙළිදරව් කිරීම බවද එහිදී ලසන්ත වික්‍රමතුංග තම දියණියට පවසා ඇත.

මෙම ප්‍රකාශය ඔස්සේද අදාළ පරීක්ෂණ කණ්ඩායම් සිය පරීක්ෂණ මෙහෙයවන බව දැනගන්නට ඇත. ලසන්ත වික්‍රමතුන්ග ඝාතනයට පසු ඔහු ඝාතනය කිරිමට පැමිණි යතුරු පැදිය යැයි සැක යතුරු පැදියක් එවක පරීක්ෂණ කණ්ඩායම් සොයා ගත් අතර එයද මෙම පරීක්ෂණ නොමග යැවීම සඳහා හිතාමතාම නිර්මාණය කළ සිදුවීමක් බව දැන් අනාවරණය වී තිබේ.

ඒ සිද්ධයට අනුව වව්නියාව සෙට්ටිකුලමේදී යුද හමුදාව විසින් මිනිසුන් දෙදෙනෙකු පැහැරගෙන ඇති අතර ඔවුන් අනුරාධපුර දම්මිරිස් වැවදී හිසට වෙඩි තබා මරා පුළුස්සා ඇත. ඉන් අනතුරුව 2009.01.27 වැනි දින එම දෙදෙනා පැහැර ගන්නා විට පැහැරගත් යතුරු පැදිය අත්තිඩිය ඇළකින් ගොඩගෙන ඇත. මෙම පැහැර ගැනීම 2009/01/18 දින හෝ ඊට ආසන්න දිනයකදී සිදුවී ඇති බවද අදාළ පුද්ගලයන් දෙදෙනාගේ සිරුරු කොටස් ඥාතීන් විසින් හඳුනාගෙන ඇති බවද වාර්තා වේ.

මේ අනුව ලසන්ත වික්‍රමතුංග මහතාගේ ඝාතන සිද්ධියට අදාළව ඝාතන ත්‍රිත්වයක් සිදුවී ඇත.

එමෙන්ම ලසන්ත ඝාතනය සම්බන්ධයෙන් ලබා දුන් පළමු මරණ පරීක්ෂණය ව්‍යාජ එකක් බව ඒ සම්බන්ධයෙන් සිදු කළ දෙවන මරණ පරීක්ෂණයෙන් තහවුරු වී තිබේ. එවකට කළුබෝවිල රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා ලෙස කටයුතු කළ සුනිල් කුමාර මහතා විසින් පළමු මරණ පරීක්ෂණය සිදු කර තිබූ අතර එහිදී හිසට වෙඩි තබා ඇතැයි තහවුරු කර තිබූදන පසුව සිදු කළ මරණ පරීක්සණයේදී අනාවරණය වී තිබුනේ මොට ආයුධයකින් කිහිපවරක් හිසට තදබලලෙස පහරදීමෙන් ඇති වු දැඩි තුවාලයක් හේතුවෙන් ලසන්ත වික්‍රමතුංග මහතා ජීවිතක්සෂයට පත්ව ඇති බවය.

2009/01/08 වැනි දින දෙහිවල අත්තිඩිය ආදර්ශ ප්‍රාථමික විද්‍යාලය අසලදී ලසන්ත වික්‍රමතුංග ඝාතනයට ලක්වූ අතර ඒ පිළිබඳ නඩු විභාගය ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයේදී පැවැත්වේ.

රාවය
« PREV
NEXT »