Thursday, September 07, 2017
Home
Gossip Lanka News
මහා දුම්රිය අනතුරක් වැළැක්වූ දුම්රිය සේවකයා ආදර්ශයක්
මහා දුම්රිය අනතුරක් වැළැක්වූ දුම්රිය සේවකයා ආදර්ශයක්
-
Thursday, September 07, 2017
පසුගිය 04 දා කොළඹ කොටුවේ සිට බදුල්ල බලා ධාවනය වූ උඩරට මැණිකේ දුම්රිය සිංගිමලේ බිම්ගෙය තුළදී පීලිපැනීමකට ලක්වීමට තිබූ බවත් එම අවස්ථාවේ දුම්රිය මාර්ග පරීක්ෂාවේ යෙදී සිටි කේ. එම්. බණ්ඩාර මහතා පුපුරා ගොස් තිබූ රේල් පීල්ල දැක වහාම ක්‍රියාත්මකවීම නිසා සිදුවීමට ගිය මහා අනතුරක් වළක්වා ගැනීමට හැකිවිය. බණ්ඩාර මහතාගේ අවස්ථානෝචිත ප්‍රඥාව හේතුවෙන් එම අනතුර වළක්වාගත් අතර දුරකථන සංඥා පවා එම ස්ථානයේ නොතිබූ බැවින් වහාම දුම්රිය ඉදිරියට එන මාර්ගයේ දිව ගොස් දුම්රිය නතර කර ගැනීමට හැකිවූ බවද පවසන අමාත්‍යවරයා මෙම ක්‍රියාව මුළු මහත් දුම්රිය සේවයටම ආදර්ශයක් බවත් එවැනි සේවකයින් ඇගයීමට ලක්කළ යුතු බවද පැවැසීය.
ඉතාමත් අඩු පහසුකම් යටතේ දුෂ්කර සේවාවක යෙදෙමින් සිදුකළ මෙම ක්‍රියාව නිසා එවැනි සේවකයින් ඇගයීමට ලක් කිරීමටත් සිංගිමලේ දුම්රිය අනතුර වැළැක්වූ කේ. එම්. බණ්ඩාර මහතාට උපහාර පිදීමක් කළ යුතු බවත් තමා දුම්රිය සාමාන්‍යාධිකාරිවරයා ඇතුළු දුම්රිය බලධාරින්ට දැන්වූ බවත් අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා ප්‍රකාශ කළේය. මෙම අනතුර වැළැක්වීම පිළිබඳ පසුගිය දිනවල සියලුම මාධ්‍ය ආයතන මඟින් පුළුල් ප්‍රචාරයක් ලබාදීම පිළිබඳ තමා එම මාධ්‍ය ආයතනවලටද ස්තුතිය පුදකරන බවද අමාත්‍යවරයා පැවැසීය.
දිවා රාත්‍රී නොබලා මගී ජනතාවගේ හා දුම්රිය ගමනා ගමනයේ ආරක්ෂාව සැලසීම මඟින් සිය සේවය නියමාකාරයෙන් ඉටුකිරීමත්, ක්ෂණිකව ක්‍රියාත්මක වී ආරක්ෂක විධිවිධාන සැලසීම පිළිබඳ කේ. එම්. බණ්ඩාර මහතාට මුළු දුම්රිය සේවයම උපහාර පිදිය යුතු බවත්, ගුණාත්මක දුම්රිය සේවාවක් සැපයීමේදී මෙවන් දුම්රිය සේවකයින් දුම්රිය සේවයටම ආදර්ශයක් බවද සියලුම දුම්රිය සේවකයින් එම ආදර්ශය ලබාගත යුතු බවත් අමාත්‍යවරයා පවසයි.
මෙම බිම්ගෙය තුළදී දුම්රිය පීලි පැනීමකට හෝ වෙනත් ආපදාවකට ලක්වූයේ නම් මගී ජනතාවට හා දුම්රිය මාර්ගයට විශාල හානියක් වීමට ඉඩ තිබූ බවත් දුම්රිය මාර්ගය යථා තත්ත්වයට පත්කිරීම ඉතාම දුෂ්කර කාර්යයක් බවත් දුම්රිය ඉංජිනේරුවන් තමාට පැවසූ බවද අමාත්‍යවරයා මෙම අනතුර වැළැක්වීම පිළිබඳ අදහස් දක්වමින් ප්‍රකාශ කළේය.
Most Reading
-
කාන්තාවකට අයුතු අවහිරයක් සිදුකර කර සාපරාධී බලහත්කාරකමක් කිරිමට අදාළව නැගෙනහිර පළාත් ආණ්ඩුකාර රෝහිත බෝගොල්ලාගම මහතාගේ බිරිඳ සහ දියණිය වහා...
-
ysgmq fj<| weu;s fcdkaiagka m%kdkaÿf.a n;a;ruq,a," chjvk.u msysá ksjfia jeisls,s jf,ka" ckm%sh .dhsld iñ;d trkao;S uqÿkafldg...
-
ඉදිරි දින කිහිපය තුළ සුවිශේෂී වෙනස්කමක් සිදුකරන බව ජනාධිපති ම්‍රෛතීපාල සිරිසේන මහතා අද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට දැනුම් දී තිබේ. පළාත්...
-
දේශපාලනයේ අලුයට ගිනි නැංවෙමින් ඇත. පලාත් පාලන මැතිවරණ ජයග්රහණයෙන් පසු හිස උදුම්මාගත් බැසිල් රාජපක්ෂ ප්රමුඛ බැසිල්ගේ වන්දිභට්ඨයින් විසින...
-
udOHfõ§ ,ika; úl%u;=x. uy;d >d;kh ùug fmr tjlg ysgmq ckm;s uyskao rdcmlaI uy;dg ÿrl:kfhka l;d lr we;s nj Tyqf.a udOH m%ldYl frdydka je...