BREAKING NEWS
latest

728x90

468x60

Saturday, September 23, 2017

ශ්‍රී ලංකාවේ ධනාත්මක සංවර්ධන ප්‍රතිලාභ ලෝක බැංකුවේ පැසසුමට

ඉන්දියාව, බංගලාදේශය, භූතානය සහ ශ්‍රී ලංකාව සඳහා ලෝක බැංකුවේ විධායක අධ්‍යක්ෂිකා එස්. අපර්ණා මහත්මිය සහ ශ්‍රී ලංකාව සහ මාලදිවයින සඳහා ලෝක බැංකුවේ දේශීය අධ්‍යක්ෂිකා ඉදාහ් ඉසෙඩ්. ස්වරායි-රිඩියො මහත්මිය හා මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා අතර හමුවක් පසුගියදා (21) මුදල් අමාත්‍යාංශයේ දී පැවැත්විණ.

සෞඛ්‍ය, අධ්‍යාපන, සාක්ෂරතා අනුපාතය සහ ආයු අපේක්ෂාව යන ක්ෂේත්‍ර වල ප්‍රදර්ශනය කරන ලද ධනාත්මක සමාජ දර්ශක පිළිබඳව විධායක අධක්ෂිකා අපර්ණා මහතත්මිය විසින් රජය ප්‍රශංසාවට ලක් කරනු ලැබුවාය.

මෙහිදී තිරසාර සංවර්ධන අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහා රජයට සම්පත් සපයා ගත හැකි ආකාරය පිළිබඳ සාකච්ඡා කරන ලද අතර, දකුණු ආසියාව තුල අනෙකුත් ජාතීන් සමග තවත් අන්තර් සබඳතා අන්තර්ග්‍රහණය කිරීමට රජය දිරි ගන්වනු ලැබීය.

දේශගුණික විපර්යාස වලින් සිදු වන ව්‍යසනයන් අවම කිරීම සඳහා ශ්‍රී ලංකා රජය සමග කටයුතු කිරීමට ලෝක බැංකුව වඩාත් උනන්දු වන බව ද අපර්ණා මහත්මිය ප්‍රකාශ කළාය
« PREV
NEXT »