BREAKING NEWS
latest

728x90

468x60

Thursday, September 21, 2017

රටේ ජාතික සමගිය අනන්‍යතාව රැක ගැනීම ජනාධිපතිතුමාගේත් මගේත් වගකීමක් - අගමැති

අද පාර්ලිමේන්තුව ගත් විට පාර්ලිමේන්තුවේ විපක්ෂ නායකවරයා ද්‍රවිඩ ජාතිකයෙක්. එය ප‍්‍රශ්නයක් වී නැහැ. විපක්ෂයේ අනෙකුත් කණ්ඩායම් එතුමා සමග වැඩ කටයුතු සිදු කරනවා. අපේ රටේ ජාතික සමගිය, ශ‍්‍රී ලාංකික අනන්‍යතාව ඇති කිරීම සඳහා උදා වී තිබෙන එකම අවස්ථාව මෙයයි. එය ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ සහ තමන්ගේ වගකීම බව අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා පැවසිය.

අගමැතිවරයා එසේ පැවසූවේ මරදාන, සහිරා විද්‍යාලයේ පැවැති ත්‍යාග ප‍්‍රදානෝත්සවයට සහභාගි වෙමිනි. එහිදී අගමැතිවරයා තවදුරටත් මෙසේ ද පැවසීය.

අප නිදහස ලබා ගන්නා අවස්ථාව වන විට මේ රටේ ජනවාර්ගික ප‍්‍රශ්නයක් හෝ ආගමික ප‍්‍රශ්නයක් තිබුණේ නැහැ. අප 1948 වර්ෂයේ ඞී.එස්. සේනානායක මැතිතුමාට තිබුණු ප‍්‍රධාන ප‍්‍රශ්න වූයේ රටේ එක්සත් භාවය ඉදිරියටද පවත්වාගෙන යන්නේ කෙසේද යන්නයි. ඒ නිසා, අපි සිංහල වුවත්, අපි ද්‍රවිඩ වුවත්, මුස්ලිම් වුණත්, අපි බර්ගර් වුණත්, අපි මැලේ වුණත් මේ ශ‍්‍රී ලංකාව අපේ මව්බිම ලෙස සැලකිය යුතු බව එතුමා එදා කියා සිටියා. අපි සියලූ දෙනාම මේ රටේ පුරවැසියන් ලෙස සිතිය යුතුයි. අපි ලාංකිකයන් හැටියට සැලකිය යුතුයි.

එතුමා මේ රටේ ජාතික ගීය ලෙස තෝරා ගත්තේ අද අප ගායනා කළ ‘එක මවකගේ දරුවන්’ යනුවෙන් ඇතුළත් ජාතික ගීතයයි. අපේ මව ලෙස අප සැලකුවේ ශ‍්‍රී ලංකා රාජ්‍යයයි.

එදා අපිට ඉහළින් තිබුණේ බි‍්‍රතාන්‍ය අධිරාජ්‍යයයි. ඉන්දියාව, පාකිස්තානය, බංග්ලදේශය යන සෑම රටක්ම පාලනය කළේ බි‍්‍රතාන්‍ය අධිරාජ්‍යයා විසිනුයි. එකල කිසිදු පුද්ගලයකු තමාගේ රට තනි රටක් ලෙස පිළිගත්තේ නැහැ. ඉන්දියාවේ දකුණු ප‍්‍රදේශයේ ජීවත් වූ ජනතාව එදා කියා සිටියේ තමන් ද්‍රවිඩ ජාතිකයන් බවයි. තවත් පිරිසක් තමන් තෙළ`ගු ජාතිකයන් බව ද, තවත් පිරිසක් තමන් බෙංගාලි ජාතිකයන් බව ද, පාසි ජාතිකයන් බව ද කියා සිටියා. නමුත්, තමන් ඉන්දියානු ජාතිකයෙකු බව ඔවුන් කිසිවකු කියා සිටියේ නැහැ.

නිදහස ලැබෙන විට පාකිස්තානය, ඉන්දියාව ලෙස කොටස් දෙකකට බෙදී තිබුණා. ඉන්දියාවට පොදු කාරණයක් තිබුණේ නැහැ. අඩුම තරමින් සියලූ දෙනා හින්දි භාෂාව හෝ කතා කළේ නැහැ. ඒ වගේම පිරිසක් හින්දු ආගමිකයන් ද, තවත් පිරිසක් ඉස්ලාම් ආගමිකයන් ද, ක‍්‍රිස්තියානි ආගමිකයන් ද, බෞද්ධාගමිකයන් ද වශයෙන් බෙදී තිබුණා. එම නිසා බොහෝ දෙනකුගේ අදහස වුණේ ඉන්දියාව වෙන් වනු ඇති බවයි. ඉන්දියාව වෙන්වුණොත් එය ලංකාවටත් බලපායි ද යන්න ගැටලූවක් ඇති වුණා. මේ බය සහ සැකය එදා ඇති වුණා.

මේ වන විට වසර 70ක් පමණ ගතව තිබෙනවා. නමුත් අද ඉන්දියාවට ගිය විට කිසිවෙකු තමන් බෙංගාලි, දෙමළ, තෙලිගු, හින්දු හෝ මුස්ලිම් ජාතිකයන් ලෙස හඳුන්වා ගන්නේ නැහැ. ඒ සියලූ දෙනාම පවසන්නේ තමන් ඉන්දීය ජාතිකයන් බවයි. තමන් ඉන්දියානු පුරවැසියන් බවයි. නේරුතුමන් වසර 70 කට පෙර ඇති කළ එම සංකල්පය ඊට පසුව බලයට පත්වූ සියලූම ජනාධිපතිවරු සහ අගමැතිවරු ඉදිරියට ක‍්‍රියාත්මක කළා.

ඉතිහාසයේ සිට ශ‍්‍රී ලංකාව සැලකුවේ එක රටක් හැටියටයි. අපේ රජවරුන් යටතේ සිංහල, දෙමළ, මුස්ලිම් ආදී විවිධ ජාතීන් සේවය කළා. නමුත්, ඉන්දියානු දේශපාලනඥයන් ඉන්දියාව එක් රටක් ලෙස ප‍්‍රකාශ කරන විට අපේ දේශපාලකයෝ ජනවාර්ගික ප‍්‍රශ්න, භාෂා ප‍්‍රශ්න, ආගමික ප‍්‍රශ්න ඇති කළා. එමගින් ත‍්‍රස්තවාදයට හා බෙදුම්වාදයට මුහුණදීමට සිදු වූ නිසා වසර 30 ක කාලයක් අපේ අනාගතය විනාශ වුණා. එම ප‍්‍රශ්න ඇති වූ පසුබිම මා සඳහන් කළේ මින් ඉදිරියට එම ප‍්‍රශ්න නැවත ඇති වීම වළක්වාලීම ස`දහායි.

සමහර මාධ්‍ය එක ආගමක්, එක ජාතියක් පමණක් ගැන කතා කරමින් අලෙවිය හා ප‍්‍රසිද්ධිය වැඩි කර ගැනීමට උත්සාහ දරනවා. ඒ වගේම සමහර අවස්ථාවල වෙළෙඳ ව්‍යාපාර අතර තිබෙන තරගය ජාතිවාදී හා ආගම්වාදී මුහුණුවරක් ගන්නවා. ස්වල්ප දෙනෙක් කරන මෙවැනි කටයුතු සඳහා ඉඩ ලබාදිය නොහැකියි. මේ වන විට මම සෑම පක්ෂ නායකයකු සමග මේ සම්බන්ධයෙන් සාකච්ඡුා කර තිබෙනවා. ඒ සෑම නායකයකුටම පැනනැගී ඇති ගැටලූව වන්නේ පක්ෂය ස්ථාවරය, අනන්‍යතාව තහවුරු කරගනිමින් තම පක්ෂයේ ඡුන්ද පදනම අහිමි කර නොගෙන මේ වැඩකටයුතු කරන්නේ කෙසේද යන්නයි. මේ කාරණය ගැන සාකච්ඡුා කිරීමේ දී දේශපාලන වාසි ලබා ගැනීම වෙනුවෙන් කටයුතු නොකළ යුතුයි. අනෙකුත් කරුණු කාරණා සම්බන්ධයෙන් කැමති ස්ථාවරයක සිට කටයුතු කළ හැකියි.

ශ‍්‍රී ලාංකික අනන්‍යතාවය, ප‍්‍රජාතන්ත‍්‍රවාදය සහ මානව හිමිකම් ආරක්ෂා කරගනිමින් වෙළෙඳ ආර්ථිකයට යා යුතුයි. ඒ ආකාරයට අප ලබාගත යුතු බොහෝ දේ තිබෙනවා. මේ වන විට ඇමෙරිකාව කල්පනා කරමින් සිටින්නේ මෙක්සිකෝව සීමාව හරහා විශාල බැම්මක් ඉදිකිරීම සම්බන්ධයෙනුයි. ඒ වගේම යුරෝපා සංගමයෙන් ඉවත් වීම ගැන එංගලන්තය කල්පනා කරනවා. ඒ කිසිවක් ආගම්වාදී නැහැ. අපත් ඒ ආකාරයට කටයුතු කළ යුතුයි. අප ගමන් කළ යුතු වන්නේ එම සමාජයටයි.

මීට ඉහත දී කතා කළ කථිකයකු පැල්පත්වාසීන් සම්බන්ධයෙන් අදහස් පළ කළා. කොළඹ පැල්පත් ඉවත් කර නව නිවාස ඉදිකර දීම සඳහා මහ නගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය සාකච්ඡුා කර විශාල මුදලක් වෙන් කිරීමට කටයුතු කරමින් සිටිනවා. අප විරුද්ධ විය යුත්තේ දුප්පත්කමටයි.

සහිරා විද්‍යාලය ඇති කළේ ශ‍්‍රී ලාංකිකයන් බිහි කිරීම සඳහායි. අද අපි දේශපාලන ක‍්‍රමයෙනුත්, සමාජ ක‍්‍රමයෙනුත් නැවත ශ‍්‍රී ලාංකික අනන්‍යතාවය තහවුරු කිරීම සඳහා වැඩ කටයුතු කරමින් සිටිනවා. ඉන්දියාවට පෙර නිදහස ලබාගත් අපට ඒ වැඩ කටයුතු සිදු කිරීම අතපසු වුණා. අප සියලූ දෙනා දැන්වත් එකතු වී ඒ වැඩ කටයුතු සිදු කරමු සහිරා විද්‍යාලයට සුභ ප‍්‍රාර්ථනා කරනවා.

අකිලා නදීශානි බණ්ඩාර
« PREV
NEXT »