BREAKING NEWS
latest

728x90

468x60

Monday, September 25, 2017

ශ්‍රී ලංකා ක්‍රිකට්‌ දූෂණය වෙලාද? අයිසීසීයෙන් පරික්‍ෂණ

ශ්‍රී ලංකා ක්‍රිකට්‌ කණ්‌ඩායම සහ ක්‍රිකට්‌ ආයතනය සම්බන්ධයෙන් විධිමත් පරීක්‍ෂණයක්‌ ආරම්භ කළ බව පෙරේදා (23 දා) ජාත්‍යන්තර ක්‍රිකට්‌ කවුන්සිලය නිල වශයෙන් ප්‍රකාශ කළේය. ඒ සඳහා අයි.සී.සී. දූෂණ විමර්ශන ඒකකයේ සාමාජිකයන් කිහිප දෙනකු ශ්‍රී ලංකාවේ විවිධ ක්‍රීඩකයන් සහ ක්‍රිකට්‌ ආයතන සාමාජිකයන් සමග සාකච්ඡා කරමින් අදාළ පරීක්‍ෂණ කටයුතු අරඹා තිබේ.

ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණය, එස්‌.එස්‌.සී. සහ තවත් විවිධ ස්‌ථානවල අයි.සී.සී. දූෂණ විමර්ශන ඒකකයේ නිලධාරීන් සංචාරය කර ඇති අතර ඔවුන් ක්‍රිකට්‌ ආයතනයට ද ගොස්‌ පරීක්‍ෂණ පවත්වා ඇත. මේ සම්බන්ධයෙන් අයි.සී.සී. දූෂණ විරෝධි ඒකකයේ ප්‍රධානී ඇලෙක්‌ස්‌ මාෂල් පවසන්නේ, zක්‍රිකට්‌ දූෂණ ගැන තොරතුරු තියෙනවනම් ඒ ගැන අපි නිරන්තරයෙන් සොයනවා. අපි ශ්‍රී ලංකාවෙත් දැන් පරීක්‍ෂණ කරනවා.' යනුවෙනි.

ජාත්‍යන්තර තරග පැවැත්වෙන අතරතුර අයි.සී.සී. ය විසින් දූෂණ විමර්ශන ඒකකයේ සාමාජිකයකු පත්කරන අතර අනතුරුව එම තරගාවලියේදී සිදු වූ ඇතැම් සැක සහිත සිදුවීම් සහ වෙනත් වාර්තා පිළිබඳව විධිමත් පරීක්‍ෂණයක්‌ අවශ්‍ය වුවහොත් මෙවැනි පරීක්‍ෂණ අයි.සී.සී.ය විසින් සිදු කරනු ලබයි.

ජාත්‍යන්තර තරගවලදී සකසන තණතීරු, කාසියේ වාසිය, කණ්‌ඩායම තේරීම, කණ්‌ඩායම සමග සිටින බාහිර පුද්ගලයන් සහ අදාළ නිලධාරීන්ට සෘජුවම වාර්තා වන සිද්ධීන් අනුව රැස්‌ කරගත් වාර්තා සමග අයි.සී.සී. දූෂණ විමර්ශන ඒකකය පරීක්‍ෂණ සිදු කරයි.

මෙවැනි පරීක්‍ෂණයක්‌ ආරම්භ කර ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට්‌ ආයතනය ද ඊයේ (24 වැනිදා) තහවුරු කළේය.
« PREV
NEXT »