BREAKING NEWS
latest

728x90

468x60

Tuesday, September 05, 2017

සරණ රිමාන්ඩ් - රජයේ වාහනයක්‌ සාපරාධී පරිහරණය කළැයි චෝදනා

සංවර්ධන ලොතරැයි මණ්‌ඩලයට අයත් රුපියල් ලක්‍ෂ 80 කට අධික වටිනාකමක්‌ සහිත රජයේ වාහනයක්‌ සාවද්‍ය සාපරාධී පරිහරණය කිරීමේ චෝදනාව යටතේ අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කොට සිටි සංවර්ධන ලොතරැයි මණ්‌ඩලයේ හිටපු සභාපති හිටපු නියෝජ්‍ය අමාත්‍ය සරණ ගුණවර්ධන මහතා ලබන 18 වැනිදා දක්‌වා රක්‍ෂිත බන්ධනාගාරගත කිරීමට කොටුව මහෙස්‌ත්‍රාත් අතිරේක දිසා විනිසුරු ලංකා ජයරත්න මෙනවිය ඊයේ (04 දා) පස්‌වරුවේ නියෝගය කළාය.

ඕනෑම කොන්දේසියක්‌ යටතේ සැකකරු ඇපමත මුදාහරින ලෙසට විත්තියේ නීතිඥවරුන් කළ ඉල්ලීම ප්‍රතික්‍ෂේප කළ මහෙස්‌ත්‍රාත්වරිය එම නියෝගය කළාය. කොළඹ අපරාධ කොට්‌ඨාසය විසින් ඊයේ (04 දා) දහවල් අත්අඩංගුවට ගත් සරණ ගුණවර්ධන මහතාගේ ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් අනතුරුව අධිකරණයට ඉදිරිපත් කොට තිබිණි.

ලැබුණු පැමිණිල්ලක්‌ අනුව දීර්ඝ කාලයක්‌ තිස්‌සේ පරීක්‍ෂණ පැවැත්වූ තම කොට්‌ඨාසයේ නිලධාරීන් සැකකරු සංවර්ධන ලොතරැයි මණ්‌ඩලයේ සභාපතිවරයා ලෙස කටයුතු කළ සමයේ රාජකාරි කළ නිලධාරීන් රැසකගේ ප්‍රකාශ සටහන් කරගත් බවත් එහිදී අනාවරණය වූ තොරතුරු අනුව සැකකරු අත්අඩංගුවට ගත් බවත් පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි කොළඹ අපරාධ කොට්‌ඨාසයේ ප්‍රධාන පොලිස්‌ පරීක්‍ෂක නෙවිල් සිල්වා මහතා අධිකරණයට පෙන්වා දුන්නේය.
« PREV
NEXT »