BREAKING NEWS
latest

728x90

468x60

Thursday, September 14, 2017

මම ජාතිවාදියෙකු නෙවෙයි - අතිපුජ්‍ය වරකාගොඩ ශ්‍රි ඥණරතන බැහැදකිමින් පලනි තිගම්බරම් පවසයි

තමා ජාතිවාදියෙකු නොවන බව කඳුරට නව ගම්මාන යටිතල පහසුකම් හා ප්‍රජා සංවර්ධන අමාත්‍ය පලනි තිගම්බරම් මහතා පවසනවා. අස්ගිරි පාර්ශවයේ මහානායක අතිපුජ්‍ය වරකාගොඩ ශ්‍රි ඥණරතන හිමියන් අද (2017.09.14) පෙරවරුවේ බැහැදුටු අවස්ථාවේදී අමාත්‍යවරයා මේ බව කියා සිටියා. 

මෙහෙදී මහනා හිමියන් ප්‍රකාශ කලේ ඇතමුන් ජාතිවාදි අයුරින් ක්‍රියා කිරීම නිසා රටේ සංවර්ධනයට බාධා එල්ල වී ඇති බවයි. මෙහෙදී තමා ජාතිවාදියෙකු නොවන බව ප්‍රකාශ කල අමාත්‍යවරයා කියා සිටියේ ඒකීය රටක් ලෙස ශ්‍රී ලංකාව දියුණු කල යුතු බවයි.

වතු ජනතාව වෙනුවෙන් අමාත්‍යවරයා සිදු කෙරෙන සංවර්ධන කාර්ය මහනා හිමියන් මෙහිදී ඇගයීමට ලක් කලා. මෙම හමුවීමෙන් අනතුරුව දළදා වහන්සේ වැද පුදා ගත් අමාත්‍ය පලනි තිගම්බරම් මහතා ගොඩැල්ල වීදියේ පිහිටි කතරගම දේවාලයට ගොස් ආශිර්වාදය ලබා ගත්තා.
« PREV
NEXT »