BREAKING NEWS
latest

728x90

468x60

Saturday, September 16, 2017

ඇමැති ජයවික්‍රම කතරගම ගැටලූව ලිහයි

රුහුණු මහා කතරගම දේවාලයේ කපු මහත්වරුන් හා බස්‌නායක නිලමේවරයා අතර ඇතිව තිබූ අර්බුදය ඊයේ (15 දා) දහවල් විසඳීමට බුද්ධ ශාසන ඇමැති ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා කතරගමදී ක්‍රියා කළේය.

ඊයේ දින කපු මහත්වරුන් හා බස්‌නායක නිලමේවරයා ප්‍රමුඛ පිරිස්‌ කැඳවා පූජා භූමියේ පිහිටි දිසාපති නිල නිවසේදී විශේෂ සාකච්ඡාවක්‌ පවත්වා අනතුරුව මාධ්‍ය වෙත අදහස්‌ දක්‌වමින් ඇමැතිවරයා පැවසූවේ කතරගම දේවාලයේ අර්බුදයකට ලක්‌ව තිබූ කපු මහත්වරුන් අඩුපාඩුවක්‌ව පැවති මාස 07 සඳහා නවක කපු මහත්වරු 05 දෙනකු පත් කිරීමට නිත්‍යානුකූලව ක්‍රියා කළ බවයි.

ඒ අනුව පැරණි කපු මහත්වරුන් සඳහා එක්‌ මාසය බැගින් මාස 05 ක්‌ ද නවක කපු මහත්වරුන් සඳහා මාස 05 ක්‌ද ඇසළ මාසය ප්‍රධාන කපු මහතාට හිමිවන අතර ඉතුරු වන එක්‌ මාසය කපු මහත්වරුන් අතර බෙදී යන අයුරින් පුරප්පාඩු වූ මාසය වෙන් කරන ලදී.

මෙයට අමතරව මාසයක්‌ දේවාලයේ තේවාව සිදුකරන කපු මහතා රුපියල් ලක්‌ෂ 20 ක මුදලක්‌ දේවාලයේ අරමුදලේ තැන්පත් කිරීමට පොරොන්දු විය. බාහිර පුද්ගලයන්ගෙන් දේවාලයට සිදුවන හානි වැළැක්‌වීම පිණිස විශේෂ පොලිස්‌ ඒකකයක්‌ පිහිටුවීමට ද ඇමැතිවරයා ඉහළ පොලිස්‌ නිලධාරීන් හා එක්‌ව ක්‍රියා කරන බව පැවසීය.

මෙයට අමතරව දේවාලයේ ආදායම් පාලනය කිරීම පිණිස මොනරාගල දිසා ලේකම් ඩී. එස්‌. පත්මා කුලසූරිය මහත්මියගේ ප්‍රධානත්වයෙන් බෞද්ධ කටයුතු කොමසාරිස්‌ ප්‍රමුඛ විද්වතුන්ගෙන් සමන්විත කමිටුවක්‌ පත් කරන බව පෙරේරා මහතා පැවසීය.

මෙහිදී බෞද්ධ කටයුතු කොමසාරිස්‌ නිමල් වෙලේගෙදර මහතා අදහස්‌ දක්‌වමින් පැවසුවේ කිසිදු ගැටලුවකින් තොරව ඉදිරියේදී දේවාලයේ වැඩ කිරීමට නිලමේවරයාට හා කපු මහත්වරුන් වෙත උපදෙස්‌ දුන් බවයි. රත්නායක මහතා පැවසුවේ වසර 25 ක්‌ පුරාවට කතරගම දේවාලයේ පැවති ගැටලුවක්‌ බුද්ධ ශාසන අමාත්‍යවරයා හා බෞද්ධ කටයුතු කොමසාරිස්‌වරයා විසින් විස¹ දුන් බවත්a මින් ඉදිරියට බස්‌නායක නිලමේවරයා සමඟ කපු මහතුන් කිසිදු ගැටලුවක නිරත නොවන බවයි.

රුහුණු මහා කතරගම දේවාලයේ බස්‌නායක නිලමේ ඩී. පී. කුමාරගේ මහතාද පැවසුවේ හැමදෙයක්‌ම ශුභවාදීව විසඳුන බවත් මින් ඉදිරියට මේ අර්බුද සිදු නොවන බවයි.

මොනරාගල දිසා ලේකම් ඩී. එස්‌. පත්මා කුලසූරිය මහත්මිය පැවසුවේ දුටුගැමුණු රජුගේ දවසේ පටන් අඛණ්‌ඩව පවත්වාගෙන යන චාරිත්‍ර විධි ඉර හඳ පවතිනා තුරා සිදුකිරීමට අපි කවුරුත් කැප වී සිදුකළ යුතු බවයි. මේ අද ගත් තීන්දුව ඓතිහාසික තීන්දුවක්‌ වන බව ඩී. එස්‌. පත්මා කුලසූරිය මහත්මිය පැවසුවාය.

මෙම සාකච්ඡාව පැවැත් වූ දේවාල පරිශ්‍රය වටා විශේෂ පොලිස්‌ ආරක්‌ෂාවක්‌ යෙදවීමට පියවර ගෙන තිබිණි.

මෙම තීන්දුවලින් පසුව කපු මහතුන් බස්‌නායක නිලමේ ඩී. පී. කුමාරගේ මහතා හා අමාත්‍ය ජයවික්‍රම පෙරේරා මහතා සමූහ ඡායාරූපයකටද එක්‌විය.
« PREV
NEXT »