BREAKING NEWS
latest

728x90

468x60

Monday, September 11, 2017

ලලිත් වීරතුංගගේ බිරිඳට කොන්ද පණ තිබුණා.. ලිලිත්ට කොන්ද පණ තිබුනේ නැහැ විශේෂ හෙළිදරව්වක්

හිටපු ජනපති මහින්ද රාජපක්ෂ 2015 ජනපති ධූරයට තරග වැදුණ අවස්ථාවේ මැතිවරණ ප්‍රචාරණය පිණිස තමන් මූලිකත්වය දැරූ විදුලි සන්දේශන නියාමන කොමිෂන් සභාවේ මහජන මුදල් රුපියල් මිලියන 600ක් සිල් රෙදි බෙදාදීමේ කටයුත්තකට මහින්දගේ රුව ගසා පන්සල්වලට යොමු කිරීමෙන් සිදුකල නාස්තිය හේතුවෙන්
වි.ස.නි. කොමිසමේ හිටපු සභාපති හා හිටපු ජනපති ලේකම් ලලිත් වීරතුංග හා වි.ස.නි. කොමිසමේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් අනූෂ පැල්පිට යන දෙදෙනා වැරදිකරුවන් බව කොළඹ මහාධිකරණය තීරණය කරනලදී.

ඒ අනුව එක් වරදකට වසර එක හමාර බැගින් වු වරද දෙකක් සඳහා වසර 3ක සිර දඩුවමක් හා එක් වරදකරුවෙක් සඳහා රුපියල් ලක්ෂ 30 බැගින් වු දඩ මුදලක් ද මහාධිකරණය විසින් ඒ අනුව නියම කරන ලදී.
ඒ අනුව අනුෂ පැල්පිට මහතා පළමු හා දෙවන වරද සඳහාත් ලලිත් වීරතුංග මහතාට දෙවන හා තෙවන වරද යටතේත් මෙම සිර දඩුවම නියම කර තිබේ.

එමෙන්ම දෙවන හා තුන්වන වරද සඳහා රුපියල් ලක්ෂ 50 බැඟින් ලක්ෂ 100 ක් වන්දි ලෙස ගෙවන ලෙස වරදකරුවන්ට මහාධිකරණ විසින් නියෝග කර තිබේ.

කෙසේ වෙතත් ජනාධිපති ලේකම් කෙනෙකු වරද කරුවකුවී සිරගත කෙරුණු පළමු අවස්තාව මෙය බවට වාර්තා වේ. මේ පිළිඹඳව විද්වතුන් දේශපාලකයින් විවිධ මත පල කරන ලදී. එහිදී ඔවුන් ප්‍රකාශ කර සිටියේ මහජන මුදලින් යැපෙන රජයේ සේවකයින් දේශපාලකයන්ගේ උවමනාවන්ට වඩා මාත්රුභුමියේත් මහජනතාවගේත් සුබසිද්ධිය වෙනුවෙන් කටයුතු කලයුතු බවයි. පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතාද පසුගියදා එවැනි ප්‍රකාශයක් කර සිටියා.

එහිදී ඔහු ප්‍රකාශ කර සිටියේ ලලිත් වීරතුංග මහතාගේ බිරිඳට තිබුණු කොන්ද ලලිත් වීරතුංග මහතාට නොතිබුණු බවයි. එහිදී ඔහු තවදුරටත් ප්‍රකාශ කර සිටියේ විනිමය කොමිෂන් සභාවේ සභාපතිනිය ලෙස සේවය සිදුකළ ලලිත් වීරතුංග මහතාගේ බිරිඳටද පසුගිය රජය මගින් විවිධ බලපෑම් සිදු කලද ඇය ඒවාට අවනතනොවී සෘජුව කටයුතු සිදුකලබවයි.

« PREV
NEXT »