BREAKING NEWS
latest

728x90

468x60

Thursday, September 14, 2017

පිනට පඩි ගෙවන ලංගමය

මූල්‍ය අර්බුධය හේතුවෙන් සේවක වැටුප් වාරික වශයෙන් ගෙවන ශ්‍රී ලංගමය රාජකාරියක් නොමැති සේවකයන් 508 දෙනෙකුට මාස 10ක කාලයක් තිස්සේ වැටුප් ගෙවමින් සිටින බව සමස්ත ලංකා ප්‍රවාහන සේවක සංගමය සඳහන් කරයි.
ස්වේච්චා විශ්‍රාම ගැන්වීම යටතේ මෙම සියලුම දෙනාම විශ්‍රාම ගැන්වීමට සැලසුම් කළ බවත්, එහෙත් විශ්‍රාම ගැන්වීමේදී ලබාදිය යුතු වන්දි මුදල මෙතෙක් ලබාදී නොමැති බවත් එම සංගමයේ ලේකම් සේපාල ලියනගේ මහතා සඳහන් කළේය.

විශ්‍රාම ගැන්වීමට අවශ්‍ය කටයුතු කිරීම නිසා ඔවුන්ට ස්ථිර රාජකාරී පැවරීමක් සිදුනොකරණ බවත්, එහෙත් විශ්‍රාම ගැන්වීමේ වන්දි මුදල ලබාදෙන තෙක් ඔවුන් රාජකාරියට වාර්තා කරමින් සිටින බවත් ඒ මහතා පවසා සිටියේය.
« PREV
NEXT »