BREAKING NEWS
latest

728x90

468x60

Thursday, September 14, 2017

ලලිත් අනූෂ නඩුවේ ඇප ඉල්ලුමට අධිකරණයෙන් තීන්දුවක්

සිල් රෙදි නඩුව සම්බන්ධයෙන් සිර දඬුවම් ලැබ සිටින හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග හා විදුලි සංදේශ නියාමන කොමිසමේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් අනූෂ පැල්පිට යන මහත්වරු අද(14) කොළඹ මහාධිකරණය හමුවේ ඇප අයදුම් කරමින් අභියාචනයක් ඉදිරිපත් කළහ.

ඒ අනුව මේ සම්බන්ධයෙන් නීතිපතිට හා පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂවරයාට ලබන 20වැනිදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා නියම කළේය.

පසුගිය ඡනාධිපතිවරණ සමයේදි සිල් රෙදි බේදා දීමේ චෝදනාවන්ට වරදකරුවන් කොට මෙම විත්තිකරුවන්ට රුපියල් ලක්‍ෂ 20 බැගින් දඩ සහ රුපියල් ලක්‍ෂ 50 බැගින් වන්දි නියම කරමින් කොළඹ මහාධිකරණයෙන් ලබාදුන් නියෝගය ඉවත දමා ඔවුන් දෙදෙනා නිදහස් කරන්නැයි ඉල්ලමින් අභියාචනාධිකරණයට ඇපෑලක් ඉදිරිපත් කොට ඇති හෙයින් එම ඇපෑල විමසා අවසන් කරන තෙක් තම සේවාදායකයින්ට ඇප නියම කරන ලෙස ලලිත් වීරතුංග සහ අනුෂ පැල්පිට යන අය වෙනුවෙන් ඉල්ලීම් ඉදිරිපත් කොට තිබිණි.

සිල්රෙදි නඩුව විභාග කළ කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා පසුගිය 07 වැනිදා වරදකරුවන්ට දඬුවම් නියම කළේය.
« PREV
NEXT »