BREAKING NEWS
latest

728x90

468x60

Thursday, September 07, 2017

අර්ජුන් ඇලෝසියස් CIDයට - නීතිඥයා කොමිසමෙන් ඉවතට

පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ අධ්‍යක්ෂ අර්ජුන් ඇලෝසියස් මහතා බැඳුම්කර ගණුදෙනු විමර්ශනය කරන ජනාධිපති කොමිසමේ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තු කාර්යාලය වෙත පැමිණ තිබේ.

ප්‍රකාශයක් ලබාදිම සඳහා කොමිසම වෙත පැමිණෙන ලෙස ඔහුට කොමිසම විසින් නොතීසි නිකුත් කර තිබුණි.

ඇලෝසියස් මහතාට කොමිසම හමුවේ පෙනී සිටින ලෙස නොතීසි නිකුත් කර තිබුණ ද ඔහු නිවසේ හෝ කාර්යාලයේ නොමැති බව මීට පෙර නිළධාරින් කොමිසම වෙත ප්‍රකාශ කර තිබුණි.

කෙසේ වුවද ඊයේ(06) ඇලෝසියස් මහතාගේ නීතිඥයින් මාර්ගයෙන් අදාළ දැනුම්දීම සිදු කර තිබූ බව වාර්තා විය.

මේ අතර පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගම වෙනුවෙන් තවදුරටත් ජනාධිපති කොමිසම හමුවේ පෙනී නොසිටින බව ජනාධිපති නීතිඥ නිහාල් ප්‍රනාන්දු මහතා නිල වශයෙන් පවසයි.


ට්‍රෙෂරීස් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී කසුන් පලිසේන මහතා කොමිසම හමුවේ සාක්ෂි ලබා දීමෙන් අනතුරුව මෙලෙස ඉවත් වන බව නීතිඥවරයා පවසයි.
« PREV
NEXT »