BREAKING NEWS
latest

728x90

468x60

Wednesday, September 13, 2017

යෝෂිත FCIDය මගහරියි

ඊයේ (12) දිනයේ පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය හමුවේ පෙනී සිටින ලෙස විශ්‍රාමික ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂ මහතාට දැනුම්දී තිබුණද පෞද්ගලික හේතුවක් මත යැයි පවසමින් ඔහු අද පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය හමුවේ පෙනී නොසිටි බව වාර්තා වෙයි.
ගල්කිස්ස හා රත්මලාන ප‍්‍රදේශයේ ඉඩම් මිළදී ගත් ආකාරය සහ එක් ඉඩමක සුඛෝපභෝගී නිවසක් ඉදිකිරීමට මුදල් යෙදවු ආකාරය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාගැනීම සඳහා යෝෂිත රාජපක්ෂ මහතාට අද දිනයේ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය හමුවේ පෙනී සිටින ලෙස මීට පෙර දැනුම් දී තිබුණි.

යෝෂිත රාජපක්ෂ මහතා ඉදිරි දිනකදි පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය හමුවේ පෙනී සිටිනු ඇති බව ඔහු වෙනුවෙන් පෙලීසිටින නීතීඥයින් එම පොලිස් කොට්ඨාසයට චන්වා ඇති බවද වාර්තා වේ.
« PREV
NEXT »