BREAKING NEWS
latest

728x90

468x60

Wednesday, September 20, 2017

ලෝකයේ කිසිම රටක නැති ශ්‍රී ලංකාවේ තිබූ අසීමිත බලය ගැන මෛත්‍රී ලෝක නායකයින්ගේ කණේ තියයි : Video

අමතා ශ්‍රී ලංකාවේ දේශපාලනික සම්මුතිවාදය පිළිබඳව මෙන්ම සංහිඳියාව සහ සාමය පිළිබඳවත්, 2017 වර්ෂය දිළිඳුකමින් අත්මිදීමේ වර්ෂය ලෙස ප්‍රකාශයට පත්කරමින් ගෙනයන වැඩපිළිවෙළ සහ හරිත සංවර්ධනය සඳහා ගෙන යන වැඩපිළිවෙළ පිළිබඳව ලෝක නායකයින් දැනුවත් කරන ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ශ්‍රීලංකා වේලාවෙන් අද (20) අලූයම එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය ඇමතුවා.

ජනාධිපතිවරයා මෙවර සමුළුව ඇමතුවේ සිංහල භාෂාවෙන්වීම විශේෂත්වයක්. එහිදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසුවේ ශ්‍රී ලංකාවේ මානව හිමිකම්, ප්‍රතිසන්ධානය, ප්‍රජාතන්ත්‍රවාදය මෙන්ම නිදහස මේ වනවිට උදාවෙමින් ඇති බවයි. ලෝක ප්‍රජාව ඒ සම්බන්ධයෙන් දැඩි උනන්දුවකින් බලා සිටින බවත් ජනාධිපතිවරයා එහිදී කියාසිටියා. තමා බලයට පත්වීමට පෙර තිබූ බියෙන් සහ සැකයෙන් ජීවත් වූ තත්ත්වයට වඩා අද ශ්‍රී ලංකාව නිදහස් රටක් බවත් පරිවර්තනීය වෙනසකින් පසු ගත වූ මාස 20 ක පමණ කාලය තුළ ශ්‍රී ලංකාව විවිධ ක්ෂේත්‍රයන් ඔස්සේ ඉදිරියට ගමන් කරමින් සිටින බවත් පෙන්වා දුන්නා. 

ශ්‍රීලංකාවේ ජනතාව ලෝකයේ සතුටින් හා එක් රටක් තුළ ජීවත් වන පිරිසක් බවට පත් කිරීම තම අරමුණ බවද ජනාධිපතිවරයා සදහන් කළා. 2015 වසරේ ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයා ලෙස තමා පත්වීමට පෙර ලෝකයේ කිසිම රටක කිසියම් නායකයෙකුට නොතිබුණු අසීමිත බලයක් ශ්‍රී ලංකාවේ විධායක ජනාධිපතිවරයාට තිබූ බවද සඳහන් කළා.

« PREV
NEXT »