BREAKING NEWS
latest

728x90

468x60

Monday, October 09, 2017

රුසියාවේ හදන අලුත්ම යුධ නැව 2020දි ලංකාවට

රුසියාව විසින් ලංකාව වෙනුවෙන් නිපදවන අලුත්ම යුධ නැව (cheetah 5.1 Class Frigate ) 2020 දී ලංකාවට ලැබීමට නියමිතය. 2011 පසු රුසියාවෙන් ලංකාවට හිමිවන 2වන නෞකාව මෙයයි. තවම නිෂ්පාදනය ආරම්භ කර නොමැති  cheetah 5.1 Class Frigate” නෞකාව නිෂ්පාදනය පටන් ගත් දිනයේ සිට වසර දෙකහමාරකින් ලංකාවට ලබාදීමට නියමිතයි. 
මෙම නෞකාව ලංකාවට හිමි වන්නේ පසුගිය යුද සමයේදී රුසියාව සහ ශ්‍රී ලංකාව අතර ඇති කරගත් යුද උපකරණ ලබා දීමේ ණය ආධාර ගිවිසුම යටතේයි. ගිවිසුමට අනුව වසර 10ක් තුළදී  රුසියානු රජය සමග ඩොලර් මිලියන 300 ක වටිනාකමක් සහිත යුද උපකරණ ලබා ගැනීමට ලංකා රජයට  හැකියාව ලැබේ.  

ඒ අනුව රුසියානු රජය cheetah 5.1 Class Frigate වර්ගයේ යුධ නෞකාවක් ශ්‍රී ලංකාවට ලබාගැනීමට යෝජනා කරන ලදී. වර්තමාන නාවුක අවශ්‍යතාවය අනුව ශ්‍රී ලංකා නාවික හමුදාවට එම නෞකාව ලබා ගැනීමට රජය කැමැත්ත පළ කර ඇත. නෞකාවේ වටිනාකම ඩොලර් මිලියන 158 කි.
​අදාළ රුසියානු Frigate නෞකාව ලංකාවට හිමි වන්නේ G2G යන ගිවිසුම යටතේයි. එනම් government to government. මෙය රුසියානු රජය සහ ලංකා රජය අතර ඇතිකර ගන්නා වූ සෘජු ගිවිසුමක්. අදාළ ගිවිසුමට වග කියන්නේ රටවල් දෙකේ රජයන් පමණි.



2025 දී ලංකාවට නැව් 20ක් 


2015දි ගාල්ලේ පැවැති ජ්‍යාතන්තර නාවුක සමුළුව ලංකාවට ඉතා වැදගත්ය. එම සමුළුව නම්කර තිබුණේ Galle Dialogue International Maritime 2015 ලෙසයි.

ශ්‍රී ලංකා නාවික හමුදාව 2025 වන විට අත්කර ගතයුතු ඉලක්කයන් පිළිබඳව සමුළුවේදී ලෝකයට පෙන්වා දී තිබුණා. නාවික බලය වැඩි කර ගැනීමේ අවශ්‍යතාවය නාවික හමුදාව විසින් මෙහිදී පැහැදිළි කර ඇත. ඒ වගේම 2009 වර්ෂයේ දී එල්ටීටීඊ ආයුද නෞකාවන් ජාත්‍යන්තර මුහුදේදී විනාශ කර දැමීමට නාවික බලය ඉවහල් වූ බවත් පෙන්වා දී තිබෙනවා. 

නාවික හමුදාවට ශ්‍රී ලංකා ගොඩබිම මෙන් අට ගුණයකින් විශාල වූ මුහුදු කලාපයක් ආවරණය කිරීමට සිදුව තිබෙනවා. වෙළද නෞකාවන් සඳහා ලංකාවට අයිති මුහුදු තීරය තුළ දී ආරක්ෂාව සැළසීමේ වගකීම පැවරී ඇත්තේ ලංකාවේ නාවික හමුදාවටයි. 

නාවික හමුදාව සතුව දැනට තිබෙන නෞකා තුළින් ජාත්‍යන්තර මුහුද තරණය කරමින් වැඩි කාලයක් සාගරයේ කල්ගත කිරීමට නොහැකිය. මේ බව ඉහත සමුළුවේදීත් අවධාරණය කර තිබෙනවා.

එම නිසා සාගර කලාපයේ බලය තව තවත් පුළුල් කිරීමට නම් විවිධ ප්‍රමාණයේ නෞකා 20ක් පමණ 2025 වෙන විට අවශ්‍ය බව නාවුක හමුදාවේ තක්සේරුවයි. එ්වා විවිධ රටවලින් මිලදී ගැනීමට නියමිතය.



අලුත් නැව පරණ නැවක් වුණේ කොහොමද?


ලංකාවේ නාවුක බලය වැඩි කිරීමට සමත් මෙම නැව මිලදී ගැනීමට එරෙහිව බොහෝ අවලාද කතා පසුගිය දිනවල පැතිර ගියේය. පරණ නැවක් මිලදී ගැනීමට සුදානම් බවත් කොමිස් කුට්ටි ජාවාරමක් ඒ පසු පස තිබෙන බවත් පැතිර ගිය කතා අතර කිය වුණා.

මේ කතා සදහා පදනම් වෙන දේශපාලන පසු බිමක්ද ඇති බව ලේඛකයාගේ වැටහීමයි. වියට්නාමය, මියන්මාරය සහ බංගලාදේශයද රුසියාවෙන් මෙම වර්ගයේම නැව් මිලදී ගෙන තිබෙනවා.

ආසියාවේ ''ලොකු අයියා" තමන් ලෙස සිතාගෙන සිටින ඉන්දියාව, රුසියාවෙන් මෙවැනි යුධ නැව් මිලදී ගන්නවාට අකමැතිය.ඔවුන් ලංකාව වැනි රටවලට බලකර කියා සිටින්නෙ අවශ්‍ය නැව් ඉන්දියාවෙන් මිලදී ගන්නා ලෙසයි. රුසියාවෙන් යුධ නැව් මිලදී ගැනීම ඔවුන්ගේ යුධ ශක්තියට අභියෝග කිරීමක් සේ ඉන්දියාව සළකනවා විය හැකිය. නැතිනම් ''ලොකු අයියා'' හීන මානයට ගැසූ පහරක් සේ සළකනවා වන්නටත් පුළුවන.

එවන් තත්වයන් ඇතිවන විටදී සෑම බලයක්ම යොදා පහරදීම ඉන්දියන් ඒජන්තයින්ගේ පිළිවෙතයි.ඒ වෙනුවෙන් අත්සන යෙදූ හිස් චෙක්පත් බෙදා හරියි. අසත්‍යය පතුරුවා හරිමින් කෙරෙන මාධ්‍ය පහරදීමෙන් ඔවුන් බලාපොරොත්තු වන්නෙ අවසාන වශයෙන් වෙළද ගිවිසුම අහෝසි කිරීමටයි. ඒ වගේම තමන්ගේ ආධිපත්‍ය පවත්වා ගැනීමයි. ඔවුන් හැම විටම ලංකාව ස්වෛරී නිදහස් රාජ්‍යයක් බව අමතක කරයි.

https://newwars.wordpress.com/warship-costs/ යන වෙබ් ලිපිනයෙන් රුසියාවන් මිලදී ගැනීමට සූදානම් නෞකාව පිළිබඳව මෙන්ම බොහෝ නෞකා පිළිබඳව තොරතුරු දැන ගැනීමට හැකියාවක් ඇත.



« PREV
NEXT »