BREAKING NEWS
latest

728x90

468x60

Sunday, October 08, 2017

ආණ්ඩුවේ ලොක්කෙක් ලංකා බැංකුවෙන් සල්ලි කෝටි 31ක් මලුවල දාගෙන යද්දී මාට්ටු

දේශීයව පාරිභෝගික ජනතාවට ගෑස් බෙදාහැරීම නියලි සිටින ලිත්‍රෝ ගෑස් සමාගම මුදල් අමාත්‍යාංශය යටතේ ඇති ආයතනයක් වන අතර රාජ්‍ය ව්‍යපාරයකි.


ඇ.ඩොලර් මිලියන 2 කට අධික මුදලක් එනම් රුපියල් මිලියන 310 ක් මෙම ආයතනයකට ගෑස් සපයන ආයතනයක් මගින් ලබා ගෙන පෙරේදා (06) ශ්‍රී ලංකාවේ පුන්‍ය ආයතනයක ගිනුමකට ලන්ඩනයේ ස්ටැන්ඩර්ඩ් චාර්ට්ඩ් බැංකුවේ ගිනුමකින් ලංකා බැංකුවේ ජාත්‍යන්තර ශාඛාවේ ගිනුමක් හරහා මාරු කරගෙන ගෙන ඇත්තේ ඉතා රහසිගතවය.

මෙම මුදල් රාජපක්ෂ පවුල්වලට සම්බන්ධ අයෙකුගේ විය හැකිය යන බවට සැක සිතා මෙතරම් විශාල මුදලක් ශ්‍රීලංකාවේ පුන්‍ය ආයතනයක ගිනුමට ඒම ගැන සැක සිතු බැංකුවේ එක්තරා නිලධාරියෙක් මුදල් විශුද්ධිකරනය යටතේ සොයා බැලිම සඳහා අවශ්‍ය අංශ දැනුවත් කලේය.

ඒ අනුව ලංකා බැංකුවේ අදාළ ගනුදෙනුව සිදුවන අවස්ථාවේ CCTV කැමරා පරීක්ෂා කර බැලීමේදී රාජ්‍ය නිලධාරියෙකු වු ලිත්‍රෝ ගෑස් සමාගම ඉහලම ප‍්‍රධානියෙක් තවත් සැකකරුවකු සමග පැමිණ අදාළ විශාල මුදල ගෝනිවල දමා රැගෙන යන ආකාරය එම කැමරාවල සටහන්ව තිබී ඇත.

හිටපු මුදල් අමාත්‍ය රවි කරුණානායකගේ ලගම හිතවතකු ලිත්‍රෝ ගෑස් සමාගම ඉහල ප‍්‍රධානියා වන අතර මෛත්‍රීපාල සිරිසේන මහතාට ජනාධිපතිවරණය සඳහා ලබාදුන් හංසයා පක්ෂයේ ද ප‍්‍රධාන තනතුරක් දරයි.

රහස් පොලිසිය මගින් මේ වනවිට පුන්‍ය ආයතනයේ ගිනුම් හිමියා අත් අඩංගුවට ගෙන ප්‍රශ්න කරන අතර ලිත්‍රෝ ගෑස් සමාගම ඉහල ප‍්‍රධානිය පොලිසියට කට්ටි පනිමින් සිටි.

කෙසේවෙතත් මේ වනවිට මෙම සැකකරු රටින් පැනයාමට උත්සහ දරන බව හැගවීමෙන් පසුව ගුවන් තොටුපොළ දැනුවත් කරමින් විදේශ ගමන් බලපත්‍රය අත්හිටුවා ඇති බව ආරංචි මාර්ග සඳහන් කරයි.

මෙතරම් විශාල මුදලක් විදේශීය බැංකුවවකින් මෙරටේ පුන්‍ය ආයතනයක් නමට ගෙන්වා ගෙන එම මුදල් ලිත්‍රෝ ගෑස් සමාගමේ ඉහල ප‍්‍රධානිය හා රාජ්‍ය නිලධාරියෙකු ලෙස රැගෙන යාමා මාධ්‍ය වෙත යෑම වලකාලීමට උත්සහ ගනිමින් සිටී.

pattanews.info
« PREV
NEXT »