BREAKING NEWS
latest

728x90

468x60

Thursday, October 26, 2017

රජයේ වාහන 40ක් අවභාවිත කරමින් රජයට කෝටි 09ක් පාඩුකල විමල්ගේ ඉරණම ලියන්න මහේස්ත්‍රාත් ලිපිගොනුව නිතිපතිට

ජනාධිපති ලේකම් කාර්යාලයෙන් ලබා දුන් රජයේ වාහන 40ක් අවභාවිත කරමින් ජාතික නිදහස් පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රි විමල් වීරවංශ විසින් රජයට රුපියල් කෝටි 09කට වැඩි පාඩුවක් සිදු කළැයි කියන සිද්ධියේ නඩු ගොනුව ඉදිරි පියවර සඳහා නිතිපතිවරයාට යොමු කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් සහ අතිරේක දිසා විනිසුරු ලංකා ජයරත්න මෙනවිය නියෝග කළාය.

මෙම සිද්ධියේ ඇප මත සිටින ජාතික නිදහස් පෙරමුණ පාර්ලිමේන්තු මන්ත්‍රි විමල් වීරවංශ ජාතික ඉංජිනේරු සංස්ථාවේ හිටපු නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි සමන්ත ලොකුහැන්නදිගේ යන දෙදෙනා ඊයේ අධිකරණයේ පෙනි සිටියහ.

නිතිපතිවරයාගේ උපදෙස් ලබාගෙන අධිකරණයට කරුණු වාර්තා කිරීම සදහා නඩුව ලබන ජනවාරි මස 09 වනදා යළි කැදවීමට මහේස්ත්‍රාත්වරිය නියෝග කළාය.

පළමු සැකකරුවන විමල් විරංවශ මහතාගේ සමීපතම ඥාතීන්ට වාහන ලබා දී වැඩබිම් වෙත වාහන ලබා දිමෙන් සහ තම දේශපාලන පක්ෂ සමාජිකයින්ට වාහන ලබා දීමෙන් මෙන්ම ඉන්ධන ලබා දීමෙන් සහ වාහන ලබා දිමට පහළ නිලධාරිනට වාචිකව හෝ නියෝග ලබා දීමෙන් වරදක් සිදුව ඇති බවට මෙම සිද්ධියේ විමර්ශන අනාවරණය කර ඇති අතර ලබා ගත් වාහන ඉංජිනේරු සංස්ථාවේ සේවය කරන කොන්ත්‍රාත් පදනමේ ගබඩා පාලකවරයකු වන තම සොහොයුරියගේ සැමියාට ලබා දී ඇතත් ඔහුට වාහනයක් ලබා දීමට නිලයක් නැති බවත් ඥාතීන්ට ලබා දී ඇති අනෙක් වාහන සියල්ල ලබා දී ඇත්තේ වෙනත් ස්ථානවල සේවය කරන ඥාතීන්ට බවත් පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය සිදු කළ විමර්ශන අනාවරණය කර ඇත.

වීරවංශ මහතාගේ සමීපතම ඥාතීන් ලිපි මගින් ඉල්ලා ඇති අවස්ථාවේ එම ලිපි වාහන ලබා දීමට යොමු කර වාහන ලබා දී ඇති බවත් එම වාහන වැඩබිම් වෙත ලබා දෙන ලෙස පවසා අතත් එවා වැඩබිම් වෙත යොමු කර නැති බව ලබා ගත් සාක්ෂි අනාවරණය කර ඇති බවත් පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය සිද්ධිය සම්බන්ධයෙන් අධීකරණයට දන්වා ඇත.
« PREV
NEXT »