BREAKING NEWS
latest

728x90

468x60

Sunday, October 29, 2017

චන්ද්‍රිකා ජාතික ලැයිස්තුවෙන් මැති සබයට - මන්ත්‍රීවරයෙක් ඉවත්වීමට සුදානමින්

හිටපු ජනාධිපතිනි චන්ද්‍රකා බණ්ඩාරනායක කුමාරණතුංග මහත්මිය ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පත්කර ගැනීම සඳහා මේ දිනවල ඉහළ පෙළේ රහස් සාකච්ඡාවක් පැවැත්වෙමින් තිබෙන බව දේශපාලන ආරංචිමාර්ග පවසයි.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු ඒකාබද්ධයේ ශ්‍රීලනිප මන්ත්‍රීවරුන් යලි ශ්‍රීලනිපයට එක්කර ගැනීම සඳහා සිදුකෙරෙන සාකච්ඡාවලට සමාන්තරව එම රහස් සාකච්ඡා පැවැත්වෙන බව ඉහත ආරංචිමාර්ග කියා සිටිති.

මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු ඒකාබද්ධයේ පිරිස් එක්වීමේදී ශ්‍රීලනිපය තුල සිදුවිය හැකි බල අසමතුලිතතාවය සමතයකට පත්කර ගැනීම බණ්ඩාරනායක මහත්මිය පාර්ලිමේන්තුවට එක්කර ගැනීමේ මුලික අරමුණ වී ඇතැයි ද පැවසේ.

මන්ත්‍රීවරයෙක් ඉවත්වීමට සුදානමින් :

බණ්ඩාරනායක මහත්මිය පාර්ලිමේන්තුවට පත්කර ගැනීමට අවස්ථාව ලබාදීම සඳහා දැනට ජාතික ලැයිස්තුවෙන් පත්ව සිටින එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්ත්‍රිවරයකු එම ධුරයෙන් ඉවත්වීමට කැමැත්ත පළකොට ඇති බවද ඉහත ආරංචි මාර්ග වැඩිදුරටත් කියයි.

මේවනවිට අත්තනගල්ල ආසනයේ ශ්‍රීලනිප සංවිධායකවරිය ලෙස කටයුතු කරන බණ්ඩාරනායක මහත්මිය පාර්ලිමේන්තු දේශපාලනයට එනවාද නැද්ද යන්න ගැන මෙතෙක් ප්‍රකාශ වී නැතත්, ඇයගේ කැමැත්ත ලබාගැනීමට සන්ධානයේ ප්‍රබලයන් කීපදෙනකු උත්සාහයක යෙදී සිටින බවද දැනගන්නට ඇත.

මේ අතර, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට අදාළ කටයුතුවලට ඇගේ ක්‍රියාකාරී සහභාගිත්වය අවශ්‍ය බවට, උතුර නියෝජනය කරන දේශපාලන පක්ෂයක් ජනාධිපතිවරයා ගෙන් පසුගිය සතියේ ඉල්ලීමක් කර තිබිණ.
« PREV
NEXT »