Tuesday, October 31, 2017
Home
Gossip Lanka News
වෛද්‍ය සංගමයසයිටම් විසඳුම අගයයි
වෛද්‍ය සංගමයසයිටම් විසඳුම අගයයි
-
Tuesday, October 31, 2017
සයිටම් අහෝසි කිරීම සඳහා රජය ගෙන ඇති තීරණය බෙහෙවින් අගය කළ යුතු බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ විධායක සභාව ඊයේ (30 දා) තීරණය කළ බව එම සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා ප්‍රකාශ කළේය.
එමෙන්ම සයිටම් ආයතනය පිළිබඳව නෙවිල් ප්‍රනාන්දු මහතාගේ සහ එම පවුලට තිබූ හිමිකාරීත්වය අහෝසි කිරීමට ගෙන ඇති තීරණයද ප්‍රශංසනීය බව කී හරිත අලුත්ගේ මහතා වෛද්‍ය අධ්‍යාපනයට අදාළ අවම ප්‍රමිතිය වෛද්‍ය සභාව මගින් අනුමත කළ ලියවිල්ලට අනුව නීතිගත කිරීමට රජය ගෙන ඇති තීරණයද නිවැරදි ප්‍රයත්නයක් කරා ගමන් කරන්නක් බව කීවේය.
කෙසේ වෙතත් සයිටම් අහෝසිකර රජය විසින් පිහිටුවීමට යෝජනා කරන නව ව්‍යqහය ඉතා අපැහැදිලි බවද එකී නව ව්‍යqහය සකස් කිරීමේදී රටේ නීතිය හා සදාචාරය අභියෝගයට ලක් නොවිය යුතු බවද කී අලුත්ගේ මහතා සයිටම් නාමය වෙනස් කිරීම නිසා පමණක් නතර නොවී සැබෑ ප්‍රමිතිගත ව්‍යqහයක් බිහිවිය යුතු බවද කීවේය.
නව ව්‍යqහය පිළිබඳ සියලු පාර්ශ්වවල එකඟතාව ලබා ගැනීම අනිවාර්ය විය යුතු බවද එය ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ අනුකූලතා සහතිකය හිමිකරගත් ආයතනයක් විය යුතු බවද හෙතෙම කීවේය.
රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්‍ෂ ජනරාල්වරයාගේ අත්සනින් සයිටම් ආයතනයට විසඳුම් ලෙස ඉදිරිපත් කර ඇති යෝජනා මාලාව තුළ ධනාත්මක කරුණු රැසක් අන්තර්ගත බවද මේ පිළිබඳ තම විධායක සභාව ගැඹුරින් සාකච්ඡා කළ බවද අලුත්ගේ මහතා කීවේය.
අජිත් අලහකෝන්,
Most Reading
-
කාන්තාවකට අයුතු අවහිරයක් සිදුකර කර සාපරාධී බලහත්කාරකමක් කිරිමට අදාළව නැගෙනහිර පළාත් ආණ්ඩුකාර රෝහිත බෝගොල්ලාගම මහතාගේ බිරිඳ සහ දියණිය වහා...
-
ysgmq fj<| weu;s fcdkaiagka m%kdkaÿf.a n;a;ruq,a," chjvk.u msysá ksjfia jeisls,s jf,ka" ckm%sh .dhsld iñ;d trkao;S uqÿkafldg...
-
ඉදිරි දින කිහිපය තුළ සුවිශේෂී වෙනස්කමක් සිදුකරන බව ජනාධිපති ම්‍රෛතීපාල සිරිසේන මහතා අද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට දැනුම් දී තිබේ. පළාත්...
-
දේශපාලනයේ අලුයට ගිනි නැංවෙමින් ඇත. පලාත් පාලන මැතිවරණ ජයග්රහණයෙන් පසු හිස උදුම්මාගත් බැසිල් රාජපක්ෂ ප්රමුඛ බැසිල්ගේ වන්දිභට්ඨයින් විසින...
-
udOHfõ§ ,ika; úl%u;=x. uy;d >d;kh ùug fmr tjlg ysgmq ckm;s uyskao rdcmlaI uy;dg ÿrl:kfhka l;d lr we;s nj Tyqf.a udOH m%ldYl frdydka je...