BREAKING NEWS
latest

728x90

468x60

Friday, October 06, 2017

හම්බන්තොටට විශේෂ පොලිස් ආරක්ෂාවක්

හම්බන්තොට වරාය සහ ගුවන්තොටුපොළ විකිනීමට විරෝධය පාමින් අද හම්බන්තොට නගරයේ පැවැත්වීමට නියමිත විරෝධතාවය, අධිකරණ නියෝගයකින් වලකා තිබෙනවා.

ඒ හේතුවෙන් මේ වන විට හම්බන්තොට හා ඒ අවට විශේෂ පොලිස් ආරක්ෂාවක් යොදවා ඇති බවයි වාර්තා වන්නේ.

විරෝධතාවය උදෑසන ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බව විරෝධතාවයේ සංවිධායකයින් පවසනවා.

හම්බන්තොට මූලස්ථාන පොලිසියට රැස්වූ තංගල්ල කොට්ඨාසයේ සියලුම පොලිස් ස්ථානවල නිලධාරීහු රාජකාරි සඳහා ස්ථානගත කර ඇති අතර හම්බන්තොට මාගම්පුර වරාය, හම්බන්තොට ෂැංග්‍රල්ලා හංදිය, කටුවැව හංදිය අසල පොලිසිය රැකවල්ලා සිටිනවා.

කෙසේ වෙතත්, සංවිධායකයින් පවසා සිටින්නේ තම විරෝධතාව සූදානම් කරගත් පරිදි සිදු කරනා බවයි.
« PREV
NEXT »