BREAKING NEWS
latest

728x90

468x60

Wednesday, October 25, 2017

ෂින්ෂෝ අබේගේ ප්‍රතාපවත් නායකත්වයට සුබ පතනවා - අගමැති

තෙවැනි වරටත් ජපානයේ අගමැතිවරයා ලෙස තේරී පත් වූ ෂින්ෂෝ අබේ මහතාගේ අත්දැකීම් සහ ප්‍රතාපවත් නායකත්වය තුළින් ජපාන ජනතාව නිරන්තරයෙන් ඉලක්ක ජය ගැනීමට යොමු කරවන බවට සැකයක් නැතැයි සුබ පැතුම් පණිවුඩයක් යොමු කරමින් ශ්‍රී ලංකා අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කරයි.

ජපානයේ සෞභාග්‍ය වෙනුවෙන් ෂින්ෂෝ අබේ මහතා විසින් කරන ලද කැපවීම අගය කරන අගමැතිවරයා ප්‍රඥාව,සම්ප්‍රදායික හා ඓතිහාසික වශයෙන් ශ්‍රී ලංකාව සහ ජපානය අතර විශිෂ්ට සබඳතාවයක් පවතින බවත් මෙම සබඳතා තව දුරටත් ප්‍රබෝධමත් කර ඇති අතර එහි ප්‍රතිඵලයක් වශයෙන් ආර්ථික සහයෝගීතාවයක් ලෙස නව ජවයක් අත් කර ගෙන ඇති බවත් පවසයි.

මෙම සියලු සබඳතා තව දුරටත් ශක්තිමත් කරමින් කටයුතු කිරීමට බලාපොරොත්තු වන බව ද ජපාන රජයේ සහ ජනතාව වෙත උණුසුම් සුබ පැතුම් පිරිණමන බවද නිවේදනයේ වැඩි දුරටත් සඳහන් වේ.
« PREV
NEXT »