BREAKING NEWS
latest

728x90

468x60

Wednesday, October 11, 2017

ලිට්‍රෝ සභාපතිට ඇති චෝදනාවලට ලිට්‍රෝ සමාගමේ සම්බන්ධයක් නැහැ

ලිට්‍රෝ ගෑස් ලංකා සමාගමේ සභාපති ශලිල මුණසිංහ මහතා විසින් සිදු කරන ලදැයි චෝදනා එල්ල වී ඇති ගණුදෙණු පිළිබඳව සමාගමේ කිසිදු සම්බන්ධයක් නොමැති බවත් ලිට්‍රෝ ගෑස් ලංකා සමාගම සියලුම ව්‍යාපාරික හවුල්කරුවන් සහ මහජනතාව වෙත දැනුම් දී සිටියි.

රජයේ අයිතිය යටතේ පවතින සමාගමක් ලෙස ලිට්‍රෝ ගෑස් සමාගම දැඩි නියාමන රාමුවකට යටත්ව තම ව්‍යාපාර කටයුතු සිදුකරන අතර මණ්ඩලයක පාලනය යටතේ ක්‍රියාත්මකවන විධිමත් ව්‍යාපාරික හා ගිනුම්කරණ පටිපාටින් අනුගමනය කරයි.

ව්‍යාපාරික අරමුණු අතින් ගත් කළ ලිට්‍රෝ ගෑස් ලංකා සමාගමේ මූලික ඉලක්කය වනුයේ ශ්‍රී ලාංකික පාරිභෝගිකයින්ට සහනදායි සහ සෞඛ්‍යයට හිතකර ඉන්ධන මුලාශ්‍රයක් සැපයීම සහ සියලුම පාර්ශවකරුවන් වෙනුවෙන් විශිෂ්ට මට්ටමේ වටිනාකම් ලබා දීමයි.පසුගිය වසර 2ක කාලය තුළ ලාභාංශ ගෙවීම් මඟින් ශ්‍රී ලංකාවේ ආර්ථිකයට විශාලතම දායකත්වයක් දැක්වූ රාජ්‍ය සමාගමක් බවට පත්වීමට ලිට්‍රෝ ගෑස් ලංකා සමාගම සමත්වී ඇත.2016 වසරේදී පමණක් ලිට්‍රෝ ගෑස් ලංකා සමාගමෙන් මහා භාණ්ඩාගාරයට ලැබුණු දායකත්වය රු. බිලියන 843කි.ව්‍යාපාරයේ වර්ධනය සඳහා කෙරෙන ආයෝජනයන් හැරුණු විට සමාගම ලබන ලාභයෙන් සැලකිය යුතු ප්‍රමාණයක් ජාතිය ගොඩනැංවීමේ උත්සාහයන් වෙත යොමු වේ.

ජාතික වශයෙන් වැදගත් වන අරමුණු සාක්ෂාත් කරගැනීම සහ සමස්තයක් ලෙස ශ්‍රී ලාංකික සමාජය කෙරෙහි තමන් සතු වගකීම් ඉටුකිරීම කෙරෙහි ඉදිරියටද තම මූලික අවධානය යොමුවන බවත් විනිවිදභාවය සහ ආචාරධාර්මික ව්‍යාපාරික පැවැත්ම යනු සමාගම ඉහළින්ම පිළිපදින ගුණාංග බවත් ලිට්‍රෝ ගෑස් ලංකා සමාගම සියලුම පාර්ශවකරුවන් වෙත අවධාරණය කර සිටීයි.
« PREV
NEXT »