BREAKING NEWS
latest

728x90

468x60

Thursday, October 26, 2017

රන්දීර්ට විනය පරීක්ෂයක් තියන්න අගමැතිගෙන් නියෝගයක්

දිවුලපිටිය ප්‍රදේශයේ දී පොලිස් විශේෂ කාර්යය බලකාය විසින් අත්අඩංගුවට ගත් එක්සත් ජාතික පක්ෂ බස්නාහිර පළාත් සභා මන්ත්‍රී රන්දීර් රොද්‍රිගෝ සම්බන්ධයෙන් විනය පරීක්ෂණයක් පවත්වන ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ නියෝග කර තිබේ.

එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් කබීර් හෂිම් වෙත එම නියෝගය ලබා දී ඇති බව එක්සත් ජාතික පක්ෂය සඳහන් කරයි.

ඉකුත් 23 වැනි දා දහවල් දිවුලපිටිය හේනගෙදර ප්‍රදේශයේ දී අපරාධ කල්ලි සාමාජිකයින් පිරිසක් සහ පොලිස් විශේෂ කාර්යය බලකාය අතර වෙඩි හුවමාරුවක් සිදු වූ අතර එහි දී එක් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත් විය.

කොල්ලකෑමක් සඳහා වෑන් රථයකින් පුද්ගලයින් පිරිසක් පැමිණ ඇති බවට ලැබුණු තොරතුරකට අනුව පොලිස් විශේෂ කාර්යය බලකාය අදාළ වෑන් රථය පරික්ෂා කිරීමට යාමේ දී කොල්ලකරුවන් විසින් පොලිස් විශේෂ කාර්යය බලකායට වෙඩි තබා තිබේ.

එහි දී පොලිස් විශේෂ කාර්යය බලකාය සිදුකළ වෙඩි තැබීමකින් කුෂාන් තක්ෂිල කුරේ නැමති 35 හැවිරිදි පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත් වූ අතර තවත් පුද්ගලයින් හත් දෙනෙකු පොලිස් විශේෂ කාර්යය බලකාය විසින් අත්අඩංගුවට ගනු ලැබී ය.

අත්අඩංගුවට ගත් පිරිස අතර බස්නාහිර පළාත් සභා මන්ත්‍රී රන්දීර් රොද්රිගු ද සිටින පොලීසිය සඳහන් කරයි.
« PREV
NEXT »